අඟු‍රුවාතොට ඝාතනයේ මවගේ ගෙල බැඳි රන්මාලයෙන් එළියට ආ ඇත්ත නැත්ත මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

අඟු‍රුවාතොට ඝාතනයේ මවගේ ගෙල බැඳි රන්මාලයෙන් එළියට ආ ඇත්ත නැත්ත මෙන්න

අඟු‍රුවාතොට ඝාතනයේ මවගේ ගෙල බැඳි රන්මාලයෙන් එළියට ආ ඇත්ත නැත්ත මෙන්න

අඟු‍රුවාතොට ප්‍රදේශයේදී ඝාතනයට ලක් වූ විසිහතර හැවිරිදි වාසනා කුමාරිගේ ගෙල බැඳ තිබූ රන් මාලය සොයා ගැනීමට විමර්ශන පැවැත්වූ පොලිස් කණ්ඩායම ඊයේ සමත් වූ බව පානදුර පොලිස් බල ප්‍රදේශයේ උසස් නිලධාරියෙක් පවසයි.


ඔහු පැවැසුවේ ඝාතනයට චෝදනා ලැබ සිටින සැකකරු විසින් එම මාලය හොරණ ප්‍රදේශයේ රන් ආභරණ උකස් මධ්‍යස්ථානයකට උකස් කර ඇතැයි මේ වන විට අනාවරණය වෙමින් ඇති බවය.


පොලිසිය ඒ බව සොයාගෙන ඇත්තේ සැකකරුගේ ජාතික හැඳුනුම්පත ඔස්සේ කරන ලද තාක්ෂණ ක්‍රමවේදයක් අනුවය. 


කෙසේ වෙතත් සැකකරු ඇගේ ගෙල බැඳි රන්මාලය ලබාගෙන ඇත්තේ ඇය මියයෑමෙන් පසුව බවට සැකකරන බවත් ඒ බව තහවුරු කර ගැනීමට තවමත් විමර්ශන නිලධාරීන්ට නොහැකි වී ඇත්තේ සැකකරුගෙන් මේ දක්වා ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි වීම නිසාය. 

 

ඔහු උදරයට සහ පපු ප්‍රදේශයට කතුරකින් ඇන ගැනීම නිසා ශල්‍යකර්මයකට භාජන කොට තවමත් කතා කරගත නොහැකි තත්ත්වයකින් රෝහල් ගතකර සිටීම ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නොහැකි බව එම උසස් නිලධාරියා අවධාරණය කළේය.


දැඩි පොලිස් රැකවරණය මැද හොරණ දිස්ත්‍රික් රෝහලේ පහළොස්වෙනි වාට්ටුවේ ප්‍රතිකාර ලබන සැකකරු අගෝස්තු මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබිණි.

වාසනා කුමාරි සහ ඇගේ එකොළොස් මස් දියණියගේ සිරුරු අඟු‍රුවාතොට ප්‍රදේශයේ කැලෑබද ප්‍රදේශයකින් සොයා ගැනීමෙන් පසු සැකකරු අතුරුදන් වූ අතර පසුව අඟු‍රුවාතොට පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ඔහුගේ නිවෙස ආසන්නයේදී ඔහු කොටුකර ගැනීමට යෑමේදී අතේ තිබූ කතුරකින් ඔහුගේ පපු ප්‍රදේශයට ඇන ගැනීම නිසා රෝහල්ගත කර තිබිණි. 


පානදුර කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාගේ අධීක්ෂණය සහ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.

views

5137 Views

Comments

arrow-up