නිවසේ කුළියට සිටි අය සිය දිවි නසා ගෙන - කට උත්තරයක් දෙන්න ගිය නිවෙස් හිමිකාරිය පොලිසිය තුළ ඇද වැටී මියයයි

යාපනය පොලිසියට ප්‍රකාශයක් ලබා දීමට ගිය කාන්තාවක් පොලිසිය තුළ සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබේ.
යාපනයේ හතරවන හරස් වීදියේ පදිංචි මෙම කාන්තාවට අයත් නිවසක මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු කුළියට නවා තැන් ගෙන සිටියදී ඔහු හදිසියේම බාලකයක එල්ලී සිය දිවි හානි කරගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැත්තෑපස් හැවිරිදි එස්. මලර් නැමති කාන්තාවට යාපනය පොලිසියට පැමිණෙන ලෙසට කළ දැනුම් දීමක් මත එම කාන්තාව පොලිසියට ගිය අවස්ථාවේදී ඇය පොලිසිය තුළ සිහි සුන්ව ඇද වැටී තිබේ.
වහාම ඇයව ගිලන් රථයක ආධාරයෙන් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් ඇතත් ඇය ඒ වන විටත් මියගොස් ඇති බව වෛද්‍යවරු සනාත කොට තිබේ.
මියගිය කාන්තාව සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිත අතර යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
357 Views
Comments