මෙරට කාන්තාවන්ට පිටරටකදී ලැබුණු ඇගයීම (VIDEO)

ලෝක කාන්තා දිනයට සමගාමීව බහරේන් රාජයේ කාන්තා දින උත්සවයක් පවත්වා තිබුණා.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ බහරේන් තානාපති කාර්යාලය සහ කාන්තා සංගමයේ එකතුවෙන්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත බහරේන් රාජ්‍ය තානාපතිනිය තානාපති
කාර්යාලයත් සමඟ කාන්තා සංගමය එකතු කරගෙන මෙම උත්සවය සංවිධානය කර තිබුණු බවයි වාර්තා වන්නේ.
මෙහිදී කාන්තාවන් වෙනුවෙන් විශේෂාංග රැසක් සංවිධානය වී තිබුණා.
බහරේන් රාජ්‍ය අවුරුදු විසි පහකට වැඩි කාලයක් සේවය කළ කාන්තාවන් ඇගයීමක් ද ඒ අතර දැකිය හැකියි.
ලංකාවේ සිටින ව්‍යවසායක කාන්තාවන් අටදෙනෙකු බහරේන් රාජ්‍යයට ගෙන්වා ඔවුන්ගේ භාණ්ඩ
ප්‍රදර්ශනය කර ඔවුන්ට සහ ලංකාවට විදේශ විනිමය ලබාගැනීමේ අරමුණින් ඔවුන්ව හඳුන්වා දීම ද මෙහිදී
සිදුකර තිබුණා.
බහරේන් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයන් සුරැකීමේ ආරක්ෂක සේවක සංගමය මගින් ඇති විදේශ ගතව සිටින
කාන්තාවන් මුහුණපාන ගැටලුවලට විසඳුම් ලබා ගන්නේ කෙලෙසද යන වග පැහැදිලි කිරීමක් ද සිදුකළ බව
දැනගන්නට ලැබුණා.
එය කාන්තාවන්ට ඉතාම වැදගත් වටිනා පණිවිඩයක්.
එමෙන්ම බහරේන් රාජ්‍යයේ සිටින කලා හැකියාවන් සහිත කාන්තාවන් තමන්ගේ කලා කුසලතා ඉදිරිපත්
කිරීමත් දැකිය හැකියි.
කාන්තාවන් සියලු දෙනාම එකට එකතු වී ඉතාම සතුටින් මෙම උත්සවය නිමා කරනු ලැබූ බවයි වාර්තා වූයේ.
80 Views
Comments