නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයෙකු ලෙස දොරට වඩී (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයෙකු ලෙස දොරට වඩී (PHOTOS)

නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයෙකු ලෙස දොරට වඩී (PHOTOS)

මීට මාස 3 කට පමණ ඉහතදී අප අතරින් සමුගත් ජනප්‍රිය ගායක නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස දොරට වැඩීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි. මේ දක්වා ගුවන් විදුලි සංස්ථාවේ සේවය කළ තරංග ඉදිරියට පියාගේ ගීත ගායනා කරන ප්‍රසංග පවත්වනු ඇත.

 

කොළඹ මහවැලි කේන්ද්‍රයේ මෙම උත්සවයේදී ඔහු පියාගේ ගීත 2 ක්ද ඔහුගේ හඩින් එළි දැක්වූයේය. ඔහු පුවත්පතකට මේ ගැන කර තිබෙන විස්තරය මෙසේය.



‘මම තාත්තාගේ ගීත දෙකක් මගේ හඬින් රූප රචනා දෙකකුත් එක්ක ගායනා කරනවා. 1963 මාර්තු මාසයේ 31 වැනිදා ගුවන්විදුලියෙන් මුල් වරට ප්‍රචාරය වුණු ‘ලස්සනට පිපුණු වනමල් ගීතය වගේම කරුණා සුවඳ තවරාලු’ ගීත දෙක තමයි එළිදැක්වූයේ.

 


ඒ හඬින් තාත්තාගේ රසික රසිකාවියන්ට මට පුළුවන් උපරිමයෙන් සාධාරණය ඉෂ්ට කරන්න තමයි මේ හදන්නේ.



තාත්තා ඉන්න කොටත් මට සින්දු කියන්න කියලා ආරාධනා ලැබුණා. තාත්තත් කිව්වා ගීත ගායනා කරන්න කියලා. නමුත් මට ඒකට උනන්දුවක් තිබ්බේ නැහැ. දැනට වුණත් මට තාත්තාට කිට්ටු වෙන්න බැහැ. දැන් මම කරන්නේ තාත්තා කිව්ව දේ. තාත්තාගේ දේත් ඉදිරියට අරගෙන යන ගමන් ඒ දේවල්වලට වැඩියෙන් උඩින් යන තමන්ගේ නිර්මාණ කරන්න තමයි මේ උත්සාහය.



අදහසක් තිබුණා. තාත්තා නැතිවුණ වෙලාවේ අවමංගල්‍ය උළෙලට ආපු ප්‍රසංග සංවිධායකවරු ගායක ගායිකාවෝ වගේම සංගීත කණ්ඩායම් තාත්තාගේ රසික රසිකාවියෝ පවා මට මේ වැඩේ කරන්න කියලා ඉල්ලුවා. නමුත් ඇත්තට ම ඒ වෙලාවේ ඒ වගේ දෙයකට මානසිකත්වයක් තිබුණේ නෑ.

 

පස්සේ අපේ ගෙදරට ඇවිල්ලා හිතාගන්න බැරි අයත් පුතා මෙහෙම කරන්න කියලා මට උපදෙස් දීලා ගියා. තාත්තා ඉන්නකොට ආපු ආරාධනා තාත්තා නැති වුණාට පස්සේ වැඩි වුණාද මන්දා. ඒවා ඔක්කොමත් එක්ක තමයි මේ තීරණය ගත්තේ.

 


පුත්‍ර ප්‍රභාතය කියලා තමයි අපි මේ වැඩේ නම් කළේ. ඒක හින්ද තමයි The Son Rise කියලා නම් කළේ.‘



ඔහුගේ එළිදැක්ම අවස්ථාවේ ඡායාරූප එකතුවක් පහතින්

 

views

209 Views

Comments

arrow-up