බාලවයස්කරු පැදවූ සැප රිය පාසල් බසයක ගැටී 5ක් රෝහලට - අනතුරින් පසු රියදුරුගේ මව කලදේ

කුලියාපිටිය වෙරළුගම මංසන්ධියෙහි බාලවයස්කරුවකු පැදවූ බව කියන අධි සුඛෝපභෝගී ජීප්රිය පාසල් බස්රථයක ගැටී සිදුවූ අනතුරින් සිසුන් සිව්දෙනකු හා තවත් අයෙකු රෝහල් ගතකළ බව කුලියාපිටිය පොලිසියේ රථවාහන අංශය කියයි.
කුලියාපිටිය සිට පන්නල දෙසට ප්‍රධාන මාර්ගයේ ධාවනය කරවා තිබූ අදාළ සැපරිය මාර්ගයේ ගමන්ගත් රථවාහන කිහිපයක් ඉස්සර කරමින් අධික වේගයෙන් දකුණු මංතීරුවේ ගමන් කර ප්‍රධාන මාර්ගයට පිවිසීමට පොරොත්තුවෙන් අතුරු මාර්ගයේ නවතා තිබූ පාසල් සේවා බස් රථයක හා යතුරුපැදියක ගැටී තිබූ බව එහි රැස්ව සිටි පිරිස පවසයි.
එහිදී බස් රථයේ ගමන්ගත් වයස අවුරුදු 16ක සිසුවෙකු හා 13 සිසුවන් දෙදෙනකුද, යතුරුපැදියේ ගමන්ගත් පැදිකරු හා පසුපැදිකරුවකු ගමන් ගනිමින් සිටි අයකු එසේ රෝහල් ගතකර තිබිණ.
සැපරියේ රියැදුරු ලෙස ගමන්ගත් දරුවාට එම අවස්ථාවේදී රැස්ව සිටි පිරිසගේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබූ අතර එම අවස්ථාවට මැදිහත් වූ සැපරියේ ගමන්ගත් දරුවාගේ මව නිසා දැඩි උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය.
කුලියාපිටිය රථවාහන පොලිසිය වහා මැදිහත්ව තත්ත්වය පාලනය කළේය.
එමෙන්ම සිද්ධිය ඇසින් දුටුවෙකු පැවසූයේ අදාළ සැප රිය අධික වේගයෙන් පැමිණ විශාල ශබ්දයක් සමගින් දුරකථන රැහැන් කණුවක ගැටී බස්රථයේ හා යතුරුපැදියේ ගැටුණ බවයි. එසේ නොවන්නට සැපරියේ වේගය අනුව බස්රථය පෙරලී යෑමටද ඉඩ තිබූ බව පැවසූ ඒ මහතා යතුරුපැදිකරුට මාරාන්තික අනතුරකට මුහුණපෑමටද සිදුවන බව පැවසීය.
එමෙන්ම අදාළ රථය පැදවූ දරුවාගේ මව හැසිරුණ ආකාරය නිසා සාමකාමීව තිබූ තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වූ බවද පැවසීය.
අනතුර හේතුවෙන් කුලියාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කළ සිසුන්ට හා වැඩිහිටි අයගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.
2179 Views
Comments