“සැප නෑ” යැයි උරහිසේ පච්චයක් කෙටූ මාරක අනතුරෙන් අපවත් හිමිනම කවුද?

පාදෙණිය අනුරාධපුර ඒ -28 මාර්ගයේ ශ්‍රාවස්තිපුර පහේ කණුව හන්දිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුරකින් හිමිනමක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
අපවත් වූ එම හිමිනමගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බවද පොලිසිය කියයි.
එම මාර්ගයේ අලුත්වැව, කුමාර මහා විද්‍යාලය ඉදිරිපිට සුදු ඉර අසල රැඳී සිටි හිමිනම අළුයම 5:30ට පමණ, අනුරාධපුර සිට තලාව දෙසට ධාවනය වූ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් මළු ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
අනතුරින් එම හිමිනමගේ දකුණු පාදයට බරපතළ හානි සිදු ව තිබූ බවත් අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂාකර බැලීමේදී, වම් අතේ උර හිස ප්‍රදේශයේ ‘සැප නෑ’ ලෙස සටහන් කර තිබූ පච්චයක් කොටා තිබූ බවද පොලිසිය සඳහන් කළේය.
අනතුර සම්බන්ධයෙන් සැකපිට වෑන් රථ රියැදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර එම සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
420 Views
Comments