පිළිකා රෝගය නිසා සිත් තැවුලෙන් සිටි මැණික් ව්‍යාපාරිකයා ජීවිතය ගැන ගත් තීරණය
විදේශගත ඔබට
Latest_News
calendar
APR
12

පිළිකා රෝගය නිසා සිත් තැවුලෙන් සිටි මැණික් ව්‍යාපාරිකයා ජීවිතය ගැන ගත් තීරණය

පිළිකා රෝගය නිසා සිත් තැවුලෙන් සිටි මැණික් ව්‍යාපාරිකයා ජීවිතය ගැන ගත් තීරණය

තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට වෛද්‍යවරයකු පැවසූවැයි කළකිරීමෙන් සිටි උඩවලව ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාගේ සිරුර අලිමංකඩ රක්ෂිතයේ තිබී ඊයේ (11) අලුයම තණමල්විල මූලස්ථාන පොලිසියේ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

 

මෙලෙස සියදිවි නසාගෙන මියගොස් සිටියේ අංක 242/4, තණමල්විල පාර, උඩවලව පදිංචි ගුණරත්න ඒකනායක නමැති තිදරු පියෙකි.

 

තණමල්විල පොලිස් බල ප්‍රදේශයට අයත් අලිමංකඩ රක්ෂිතය තුළ ගෙළ වැළලාගෙන මියගිය පුද්ගලයකුගේ සිරුරක් ඇති බවට තණමල්විල මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමේදී ගෙල වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයකුගේ නරක් වී ගිය සිරුරක් හමුව තිබේ.

 

පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මියගිය පුද්ගලයා මීට දින කිහිපයකට පෙර නිවසේ ලියුමක් ලියා තබා තමන් ගැන යළි නොසොයන ලෙසට දැනුම් දී නිවසින් පිටට පැමිණ ඇති බවයි.

 

දරුවන් විසින් පියාව සෙව්වත් සොයා ගැනීමට නොහැකි වී තිබේ. පසුව ඔවුන් මේ පිළිබඳව තණමල්විල මූලස්ථාන පොලිසියටද දැනුම් දී තිබේ.

 

ඒ අනුව සොයාගත් සිරුර සිය පියාගේ බවට දරුවන් විසින්ද හඳුනාගෙන තිබේ. මියගිය පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයකු වන අතර ඔහුට පැවති අසනීපයක් සඳහා අවස්ථා කිහිපයකදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාරද ලබාගෙන තිබේ. එහිදී එම වෛද්‍යවරයා පවසා ඇත්තේ ඔහුට පිළිකාවක් ඇති බවයි.

 

මේ හේතුව නිසා මියගිය පුද්ගලයා දැඩි සිත් තැවුලෙන් පසුවී ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල මූලස්ථාන පොලිස් පරීක්ෂක ඩී. එම්. පී. බණ්ඩාර මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

views

161 Views

Comments

arrow-up