කේට් කුමරියගේ සෞඛ්‍ය තත්වයත් සමඟ විලියම් කුමරු හදිසියේ ගත් තීරණය මෙන්න

විලියම් සහ කේට් ගැන මේ දිනවල වඩවඩාත් කතා බහට ලක් වෙනවා.
ඒ කේට් කුමරියගේ රෝග තත්වයත් සමගින්.
පසුගියදා කේට් කුමරිය හෙලිකළේ තමන් පිළිකා රෝගයක් සමග සටන් වදින බවටයි.
ඒ සඳහා තමන් ප්‍රතිකාර ලබමින් සිටින බවටත් ඇය ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත් මෙවර පාස්කු නිවාඩුව ගත කිරීම සඳහා විලියම් කුමරු රාජකීය රාජකාරි වලින් ඉවත්ව ඇති බවට සඳහන් වෙනවා.
ඒ කේට් කුමරිය සහ දරුවන් සමග කාලය ගත කිරීම සඳහායි.
විලියම් සහ කේට් දැන් පාස්කු නිවාඩුව ගත කරන්නේ එංගලන්තයේ නොර්ෆොක්හි ඇන්මර් හෝල් හී දීයි.
599 Views
Comments