ගලබඩඇල්ලේ අනාරක්‍ෂිතව දිය නෑ තරුණයාට අත්වුණු ඉරණම
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

ගලබඩඇල්ලේ අනාරක්‍ෂිතව දිය නෑ තරුණයාට අත්වුණු ඉරණම

ගලබඩඇල්ලේ අනාරක්‍ෂිතව දිය නෑ තරුණයාට අත්වුණු ඉරණම

නාවලපිටිය ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගිය තරුණයකු අතුරුදන් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.

 

මෙසේ ගලබඩ දියඇල්ලේ දිය නෑමට ගොස් අතුරුදන් වී ඇත්තේ නාවලපිටිය වෙස්ටෝල් ඇතටන් ප්‍රදේශයේ පදිංචිව සිටි විජය කුමාර් ජැක්සන් (20) නමැති තරුණයෙකි.

 

අතුරුදන් වූ තරුණයා ඔහුගේ මිතුරන් සිව් දෙනෙකු සමග පෙරේදා (17) උදෑසන නිවැසියන්ට නොදන්වා ගලබඩ දිය ඇල්ලේ ප්‍රධාන පිවිසුම් දොරටුවෙන් ප්‍රවේශපත්‍ර ලබා නොගෙන දිය ඇල්ලට ඉහළින් වනාන්තරය මැදින් වැටී ඇති අතුරු මාර්ගයකින් අනවසරයෙන් දියඇල්ල නැරැඹීමට පැමිණ ඇත.

 

එසේ පැමිණ දියඇල්ල අසලම අනාරක්ෂිත ස්ථානයකින් දිය නෑමට ගොස් දියේ ගිලී අතුරුදන්ව ඇති බව පොලිසිය කියයි.

 

අතුරුදන් වූ තරුණයා කොළඹ ප්‍රදේශයේ පොත් අලෙවි සැලක සේවය කර සිංහල හින්දු අලුත් අවුරුදු නිවාඩුවට නිවසට පැමිණ ඇති අතර පසුව තම මිතුරන් සමගින් විනෝද වීමට ගොස් මෙම අනතුරට මුහුණ පා ඇත.

 

ගලබඩ දියඇල්ලේ දියේ ගිලී අතුරුදන් වූ තරුණයාගේ සිරුර සොයා ප්‍රදේශවාසීන් මෙහෙයුමක් දියත් කළද සිරුර සොයා ගැනීමට නොහැකි වූ නිසා සිරුර සොයා ගැනීමට නාවික හමුදා කිමිදුම් කරුවන්ගේ සහයෝගය ලබා ගැනීමට පියවර ගෙන ඇති බව නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. හරේන්ද්‍ර කළුගම්පිටිය මහතා පැවසීය.

views

64 Views

Comments

arrow-up