මිත්තණියව සහ සීයාව අවසන් ගමන යැවූ මුණුපුරෙක් ගැන ඇහෙන කතාව

සිය මිත්තණිය සහ සීයා තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කළ 25 හැවිරිදි මුණුපුරෙකු සාලියවැව පොලිසිය ඊයේ(12) අත්අඩංගුවට ගත්තා.
මියගිය පුද්ගලයින් 76 සහ 80 යන වයස්වල පසුවන්නන්.
අදාළ මළ සිරුරු ඊයේ සොයා ගැණුනු අතර ඒ පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පුත්තලම රෝහලේ දී සිදු කෙරෙනු ඇති.
මෙම ද්විත්ව ඝාතනයට හේතුව නිශ්චිතව අනාවරණ නොවන අතර අත්අඩංගුවට ගත් තරුණයා කිසියම් මානසික ආබාධයකින් පෙළෙන බවට නිරීක්ෂණය වන බවයි පොලිසිය පැවසුවේ.
ඔහු අද පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
186 Views
Comments