කොසු පහරින් තම මවව අවසන් ගමන් යැවූ අජාසත් පුතෙක් ගැන ඇහෙන හද සලිත වන කතාව

වාලච්චේන කේණි නගර්, නාවල් අඩි ප්‍රදේශයේදී පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබේ.
ඊයේ (06) උදෑසන ලද පැමිණිල්ලක් මත වාලච්චේන පොලීසිය සිදුකළ විමර්ශනයක දී හෙළි වී ඇත්තේ සිය පුත්‍රයා විසින් සිදුකළ පහරදීමකින් මෙම කාන්තාව මියගොස් ඇති බවය.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 72 හැවිරිදි නාවල් අඩි ප්‍රදේශයේ පදිංචිකාරියකි.
මෙම කාන්තාව සිය පුත්‍රයා සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුතා විසින් කොස්සකින් පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.
පහරදීම සිදුකළ බවට සැකකෙරෙන කැඩී ගිය කොස්සක් හා පොල්ලක් පොලිස් භාරයට ගෙන ඇත.
මෙම ඝාතනය සම්බන්ධයෙන් වයස අවුරුදු 42 ක් වන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
256 Views
Comments