“වචනයකින් පවා මා හට පන්නරය ලබා දෙන ඔයාලා හැම දෙනාටම බොහොම පින්” - ආපූ පණිවිඩයක් නිසා සංවේදී වුණු මැණික් තැබූ සටහන
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

“වචනයකින් පවා මා හට පන්නරය ලබා දෙන ඔයාලා හැම දෙනාටම බොහොම පින්” - ආපූ පණිවිඩයක් නිසා සංවේදී වුණු මැණික් තැබූ සටහන

“වචනයකින් පවා මා හට පන්නරය ලබා දෙන ඔයාලා හැම දෙනාටම බොහොම පින්” - ආපූ පණිවිඩයක් නිසා සංවේදී වුණු මැණික් තැබූ සටහන

ඇය කවුද කියලා මේ වෙද්දී නොදන්න කෙනෙක් ලංකාවේ නැති තරම්... 

 

ඒ ඇගේ සැමියා නිසා... ඔහු වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ... ක්ලබ් වසන්ත කියූ විට ඔහුව හැමෝම දැනගෙන හිටියා...ඔහු ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙක්... ඒවගේම ඔවුන්ගේ මුළු පවුලම ෆේස්බුක් එක නිසා අතිශය ජනප්‍රියව හිටියා... එයාලා හිටියේ හුඟාක් සතුටින්... ආදරෙන්... කිසිම අඩුවක් තිබුණේ නැහැ.. ජිවිතේ උපරිමට සියළු සැප සම්පත් තිබුණා... ධනය බලය වාසනාව ඔවුන් සතුව තිබුණා... ඒත් එක්තරා දවසක ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදු වුණා... මාරයා එදා දිනුවා... ඔහු වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්තගේ ප්‍රාණය අරගෙන ගිහිල්ලා තිබුණා... අතිශය බිහුසුණු අවසානයක ඉරණම ලියැවිලා තිබුණේ... එදා තවත් අයෙක් මිය ගියා.. කේ.සුජීවා ඇයටත් වෙදි වැදුණා... වසන්තගේ ආදරණීය සෙනෙහෙවන්තිය , ප්‍රිය බිරිඳ වුණු මැණික්ටත් වෙඩි උන්ඩ සෑහෙන්න ප්‍රමානයක් වැදිලා තිබුණා... ඇගේ ජිවිතේ බේරුනේ හාස්කමකින් වගේ කියලා තමයි කවුරුත් කියන්නේ.... ඇය තවමත් අසනීපයෙන්... වාසනාවකට ඇයව ටිකෙන් ටික සුවපත් වෙන ගමන්... ඇගේ අම්මා , නංගී , ඇගේ පවුලේ අය ඇයට යෝධ ශක්තියක්... ඒත් .... වසන්තගේ පවුල ? දරුවෝ ? ඒ ප්‍රශ්නයට පිළිතුර තවමත් හිස්තැනක්... මනුස්සයෙකුට අසරණ වෙනෙ මොහොතක තමා සැබෑවටම ආදරණීයන් අදුරගන්න ලැබෙන්නේ... මේ වෙලාවේ මැණික්ගේ පරපුර ඇයට පුදුම තරම් ආදරයක් දෙනවා කියලා තමයි ඇය ෆේස්බුක් එකට එකතු කරන සටහන් වලින් පෙන්නේ... ලඟදි දවසක ඇය ඇගේ පවුලේ ලොකු අක්කා කෙනෙක් ගැන මෙහෙම සටහනක් තියලා තිබුණා...



"දිල්හානි අක්කා,මගේ තාත්තාගේ අක්කාගේ ලොකු දුව පුංචි කාලේ ඉදලා හරිම ආදරෙයන් මාව බලා ගත්තා.පන වගෙම ආදරෙයි ලොකු අක්කේ"



ඒ වගේම විදෙස් ගතව ඉන්න ඇගේ සහෝදරයෙක් ඇයට ඉතාමත් ආදරණීයව එවූ පණිවිඩයක් ඇය මුහුණු පොතට එකතු කරලා තිබුණා...සහෝදරයෝ ගැන ඇය මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මෙහෙමයි...



Anil Jayaweera,මේ මගේ මාමාගේ පුතා,පුංචි කාලේ ඉදල එකට හැදුනු වැඩුනු අප්‍රමාන සෙනෙහස මේ sms එකෙන් එවලා ,ආදරෙයි මගේ සහෝදරයෝ හැමෝටම



ඇගේ සමීප මිතුරියක් ඇය වෙනුවෙන් කළ පිං කමක් ගැන ඇය මුහුණු පොතේ සටහන් කරලා තිබුණේ මෙහෙමයි...



"ඉතාලි කෝමෝ වල සුරංග අයියාගේ නෝනා ශාමිකා අක්කි දඹදිව ගිහින් මට ඇවිදින්න පුලුවන් වෙන්න කියලා ,මම වෙනුවෙන්ම තථාගතයන් වහන්සේගේ පිරිණිවන් මංචකෙයන් හා ජයශ්‍රි මහා බෝධින් වහන්සේට පැලදු චිවරයක් මල් ආසන ,පිරිත් පැන් මට එව්වා.ඔයාටත් අයියාටත් බොහොම පින් මගේ අක්කා,ඔයාලා මම වෙනුවෙන් ගොඩාක් දේවල් කලා "



ඔන්න ඔය විදිහට ඇයට ආදරේ අයගේ අප්‍රමාණ සෙනෙහස කරුණාව මැද ඇය සිනහවෙන් ජීවිතයට මුහුණ දෙන්න වෙර දරනවා... ඒ වගේම ඇය ඇයට සුවය පතන හැමෝටම ස්තූති කරලා තිබ්බේ මෙන්න මෙහෙමයි...



වචනයකින් පවා මා හට පන්නරය ලබා දෙන ඔයාලා හැම දෙනාටම බොහොම පින් සැම දෙනාටම කුසල් සිත්ම පහල වේවා...



ඇයට ඉක්මන් සුවය ලැබේවා 

 

 

 

views

180 Views

Comments

arrow-up