සුනඛයෙකු නිසා ඇතිවුණු ආරවුලෙන් නැතිවුණු ජීවිතයක් ගැන ඇහෙන හද සසල වන කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
14

සුනඛයෙකු නිසා ඇතිවුණු ආරවුලෙන් නැතිවුණු ජීවිතයක් ගැන ඇහෙන හද සසල වන කතාව

සුනඛයෙකු නිසා ඇතිවුණු ආරවුලෙන් නැතිවුණු ජීවිතයක් ගැන ඇහෙන හද සසල වන කතාව

දෙපාර්ශවක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

 

ඊයේ (13) සවස් කාලයේ වාර්තා වී තිබුණේ මිනුවන්ගොඩ පොලිස් වසමේ දෙවලපොල ප්‍රදේශයෙනි.

 

එලෙස මියගොස් ඇත්තේ, ගණෙහිමුල්ල, දෙවලපොල ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පුද්ගලයෙකි.

 

මරණකරු නිවසේ ඇති කරනු ලබන සුනඛයෙකු සැකකරුගේ නිවසට යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

 

සැකකරු ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

views

149 Views

Comments

arrow-up