මැයි 07දා මහින්දට සුභයි? - ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ ආන්දෝලනාත්මක අනාවැකිය මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

මැයි 07දා මහින්දට සුභයි? - ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ ආන්දෝලනාත්මක අනාවැකිය මෙන්න

මැයි 07දා මහින්දට සුභයි? - ජ්‍යොතිෂ්‍යවේදීන්ගේ ආන්දෝලනාත්මක අනාවැකිය මෙන්න

ලබන මැයි මස 07 වැනි දිනට පසු මහින්දට හොඳ කලක් උදාවන බවට ජ්‍යොතිෂමය උපදෙස් රැසක් ලැබී ඇති බවත්, ඒ අනුව නැවත වතාවක් අගමැති ධුරය ලබාගැනීම සඳහා මහින්ද මාස කිහිපයක් පුරා විවිධ සැලසුම් සකස් කරමින් සිටින බවටත් තොරතුරු වාර්තාවී ඇත.

 

ඒ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ආණ්ඩුවේ ප්‍රබලයන් වෙතත්, අගමැති දිනේෂ් ගුණවර්ධන වෙතත් නොනිල වශයෙන් මහින්ද පණිවුඩ යවමින් සිටි බවත් ප්‍රසිද්ධ පුවත්පතක්ද පසුගියදා වාර්තා කර තිබුණි.

 

මේ සඳහා ජ්‍යෙතිෂ උපදෙස්වලට අමතරව තවත් විශේෂ කරුණක්ද බලපා ඇතැයිද ඒ ආණ්ඩු කිරීමට ජනවරම ලබාදී තිබුණේ පොහොට්ටුවට බැවින් නැවත වතාවක් ආණ්ඩු බලය ලබාගත යුතු බවට පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් මහින්දට ලැබුණු ඉල්ලීම් අනුව බවද එම පුවත්පත වැඩිදුරටත් පෙන්වාදී තිබුණි.


ඇත්ත වශයෙන්ම 2019 වසරේදී ලක්ෂ 69ක ජනතාවක් මේ රටේ ජනාධිපති ධුරය වසර 5කට භාරදුන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂටය. ලක්ෂ 68ක ජනතාවක් තුනෙන් දෙකේ අතිබහුතර බලයක් ලබාදෙමින් ආණ්ඩුව සහ අගමැති ධුරය ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ මහතාටය.


නමුත් ජනතා අරගලය හේතුවෙන් ගෝඨාභය රටින් පලායෑමත් සමග පාර්ලිමේන්තුව මගින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තෝරා ගත්තේය. මහින්දද අගමැති ධුරයෙන් ඉවත් වීමත් සමග එම තනතුර හිමිවූයේ දිනේෂ්ටය. 


පසුව ආණ්ඩු පක්ෂයෙන් විශාල පිරිසක් විපක්ෂයට පැමිණියේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට ගියේය. ඒ අතින් බලද්දී එදා 2019 ජනතාව ලබාදුන් ජනවරම අද පත්ව ඇත්තේ විශාල විකෘතියකටය.

views

276 Views

Comments

arrow-up