මවගේ අනියම් පෙම් පළහිලව්ව පුතාට කල හදියක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

මවගේ අනියම් පෙම් පළහිලව්ව පුතාට කල හදියක්

මවගේ අනියම් පෙම් පළහිලව්ව පුතාට කල හදියක්

අනුරාධපුර පොලිස් වසමේ පොතානේගම ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ බස් රථයක මඟ හරස්කර නතර කරවා එහි ගමන් කළ 21 හැවිරිදි තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රුපියල් 10,000ක මුදලක් කොල්ලකෑ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා පෙරේදා (19) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

 

සිද්ධියට මුහුණ පෑ තරුණයාගේ මව වන මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය කියයි.

 

පැහැර ගැනීමට ලක්වූ තරුණයා සැකකරුවන්ගෙන් මිදී පසුව පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදී තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

 

මේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී තරුණයා පැහැර ගෙන ගොස් ඇත්තේ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා බව අනාවරණය වී ඇත.

 

එම තරුණයාගේ මව සැකකරු මඟහැර ගොස් සැඟව සිටීම හේතුවෙන් එයට පළිගැනීමක් ලෙස මෙම පැහැර ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

 

මෙම පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අනුරාධපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරති.

views

850 Views

Comments

arrow-up