ඩයස්ගෙ නංගිවත් ඩයස්ගෙ වයිෆ්ගෙ නංගිවත් නොවුණු රූ රැජින, ඉෂාදි ඇත්තටම ඩයස්ගෙ කවුද? (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

ඩයස්ගෙ නංගිවත් ඩයස්ගෙ වයිෆ්ගෙ නංගිවත් නොවුණු රූ රැජින, ඉෂාදි ඇත්තටම ඩයස්ගෙ කවුද? (PHOTOS)

ඩයස්ගෙ නංගිවත් ඩයස්ගෙ වයිෆ්ගෙ නංගිවත් නොවුණු රූ රැජින, ඉෂාදි ඇත්තටම ඩයස්ගෙ කවුද? (PHOTOS)

පහුගිය දවසක ලංකාවම කතාබහ කළ සුරූපිණිය, ඉෂාදි අමන්දාගේ අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.

 

සේයා රූ එකතුව කැමරා කාචයේ සටහන්ව තිබුණේ, හෙක්ටර් ඩයස්ගෙ ‘මීනාච්චී’ මියුසික් වීඩියෝව අතරතුර.

 

 

2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින’ ලෙස කිරුළු පැළඳි ඉෂාදිව ගොඩක් දෙනා මුලින්ම හැඳින්වූවේ ‘ඩයස්ගෙ නංගි’ කියලා.

 

ඊටත් පස්සෙ ඇය ‘ඩයස්ගෙ වයිෆ්ගෙ නංගි’ කියලා කතාබහට ලක්වෙන්න ගත්තා.

 

ඔය කතාව පැතිරෙන්න ගත්තෙ රූ කිරුළ හිස දැරූ ඉෂාදිට සුබපැතුම් එක්කාසු කරන්න හෙක්ටර් ඩයස් සිය බිරිඳ සමඟ වේදිකාවට ගොඩවීමත් එක්ක.

 

කොහොම නමුත් පසුව ආරංචි වුණා ඉෂාදි අමන්දා ඩයස්ගෙ නංගිවත්, ඩයස්ගෙ වයිෆ්ගෙ නංගිවත් නොවන බව.

 

එහෙනම් ඇත්තටම ඉෂාදි අමන්දා කියන්නෙ කවුද !!!

 

ඒ ගැන ඇය පසුව හැමෝවම දැනුවත් කරලා තිබුණා.

 

ඊට අනුව හෙක්ටර් ඩයස්ගෙ සහ ඉෂාදි අමන්දාගේ පවුල්වල පිරිස් හරිම සමීප උදවිය.

 

ඒ සමීපත්වය, මිත්‍රත්වය තමයි එදා විවාහක රූ රැජින වේදිකාවෙදි කාගෙත් ඇහැ ගැටුණෙ.

 

ඉෂාදි කියන විදියට හෙක්ටර් ඩයස්ගෙ වයිෆ් පාඨලී කියන්නෙ ඇය දන්නා කාලයක පටන් හොඳම මිතුරියක්. ඇය ජීවත්වෙන්නෙත් ප්‍රංශයේ….

 

ඉතින් ඉෂාදි – පාඨලී දෙන්නා පෙනුමින් සමාන වීම තමයි, ‘ඩයස්ගෙ වයිෆ්ගෙ නංගි’ විදියට කවුරුත් ඉෂාදිව වැළඳගන්න ලොකුම හේතුව වෙලා තිබුණෙ.

 

එහෙම කතාබහට ලක්වුණු ඉෂාදි ගැන, ආයෙමත් ලොකු කතාබහක් ‘මීනාච්චී’ එක්ක ඇති වෙලා කිව්වොත් හරි.

 

 

 

 

 

views

186 Views

Comments

arrow-up