බුදු කරුණා පහස ලද, කාගෙත් ආදරය දිනූ අකීරා නෙතට කඳුලක් ඉතිරිකර සදහටම යන්න ගිහින් (PHOTOS)

'අකීරා' කවුරු අතරත් ජනප්‍රිය වූයේ 'බුදු බණ අහන ඌරු පැටියා' හැටියට.
එහෙම කාගෙත් ආදරය දිනූ අකීරා, මිණිපුර අමාශාන්ති තපෝවනයේ පොඩි ස්වාමීන් වහන්සේලා එක්ක හරි හරියට බණ අහපු, පිරිත් අහපු හරි පිංවන්ත සත්ත්වයෙක්.
එයාකාර පිංවන්ත අකීරා මියගොස් ඇති බව අහන්න ලැබුණා. ඒ හදිසි හෘදයාබාධ තත්ත්වයක් හටගැනීම නිසාවෙන්.
කවදත් බණ දහම් එක්ක ගැවසුණු මේ අපූරු සත්ත්වයාට අවසන් ගෞරව පුදකර තිබුණේත් මහා සංඝරත්නයේ පාංශුකූල කටයුතු මැද.
"අකීරා" ඇය යන්නම ගියා.
දෙස් විදෙස් හැමෝගේම ආදරය නො අඩුව ලබපු පිංකාර "අකීරා" මහා සංඝරත්නයේ පාංශුකූල කටයුතු මැද අවසන් ගමන් ගියා.
ඉතාමත්ම නිරෝගීව සුවසේ සිටි අකීරා හෘදයාබාධයක් වැනි හදිසි තත්වයක් නිසා මරණයට පත් වුණා.
හැමදාම පිරිත් අහපු, බණ අහපු, පොඩිහාමුදුරුවන්ගේ යාළුවා වෙලා හිටපු, හැමෝම ආදරය කරපු පින්වන්තම අපේ "අකීරා" ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා!
මිණිපුර අමාශාන්ති තපෝවනය
2024 / 07 / 17''
379 Views
Comments