ඇමෙරිකාවේදී අතුරුදන් බව කියූ හසිත්ගේ අභිරහස් මළ සිරුර මෝටර් රථයකින් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
15

ඇමෙරිකාවේදී අතුරුදන් බව කියූ හසිත්ගේ අභිරහස් මළ සිරුර මෝටර් රථයකින් හමුවෙයි

ඇමෙරිකාවේදී අතුරුදන් බව කියූ හසිත්ගේ අභිරහස් මළ සිරුර මෝටර් රථයකින් හමුවෙයි

ඇමරිකාවේදී අබිරහස් ලෙස මියගොස් සිටි ශ්‍රී ලාංකික තරුණයකුගේ මරණය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.


ඇට්ලන්ටා ක්‍රොගර් ප්‍රදේශයේ කැස්කැඩ් පාරේ වෙළඳසලක් අසල මෝටර් රථයක් තුළ මියගොස් සිටියදී මෙම තරුණයාගේ සිරුර හමුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


එක්සත් ජනපද කෙනසෝ පොලිසිය මේ වන විට මරණය සම්බන්ධයෙන් විවිධ අංශ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


හසිත් නවරත්න නම් මෙම ශ්‍රී ලාංකිකයා අතුරුදන් වී ඇත්තේ පසුගිය 2 වනදායි.


මෘත දේහය මෙම ශ්‍රී ලංකික තරුණයාගේ බවට ඔහුගේ පවුලේ අය සහ විමර්ශකයන් විශ්වාස කරන අතර” සිරුර සොයා ගන්නා විට නරක් වී තිබූ බවද පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා.


ෆුල්ටන් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්ෂක කාර්යාලයෙන් ඔහුගේ අනන්‍යතාව සහ මරණයට හේතුව තහවුරු කරනු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


ඒ අනුව” මෙම තරුණයා අතුරුදන් වූ බවට වාර්තා වූ විට පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිවේදන ද අවලංගු කර තිබෙනවා.

views

630 Views

Comments

arrow-up