“අපි අපේ කැළැල් ගැන ආඩම්බර වෙමු..” - රෝගවලින්, කැළැල් නිසා පසුතැවෙන කාටත්, රජ පවුලෙන් ලැබුණු ආදර්ශය (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

“අපි අපේ කැළැල් ගැන ආඩම්බර වෙමු..” - රෝගවලින්, කැළැල් නිසා පසුතැවෙන කාටත්, රජ පවුලෙන් ලැබුණු ආදර්ශය (PHOTOS)

“අපි අපේ කැළැල් ගැන ආඩම්බර වෙමු..” - රෝගවලින්, කැළැල් නිසා පසුතැවෙන කාටත්, රජ පවුලෙන් ලැබුණු ආදර්ශය (PHOTOS)

විවිධ රෝගාබාධවලින් පීඩා විඳ ඊට කරන ලද ප්‍රතිකර්ම හේතුවෙන් සිරුරේ මතුපිටට පෙනෙන කැළැල් නිසා අපහසුතාවයට පත්වන පුද්ගලයින් දිරිමත් කිරීම උදෙසා, ඉයුජිනි කුමරිය අපූරු සටහනක් තබා තිබුණා.

 

ඒ ඡායාරූප කිහිපයක් ද සමඟයි.

 

ඉයුජිනි කුමරිය මේ සම්බන්ධයෙන් විවෘතව කතා කර තිබුණේ ජුනි 26 වැනිදාට යෙදී තිබුණූ 'International Scoliosis Awareness Day' සිහිපත් කිරීම වෙනුවෙනි.

 

'Scoliosis' ලෙස හඳුනාගැනෙන්නේ කොඳු ඇට පෙළේ අසාමාන්‍ය වක්‍රයකින් සංලක්ෂිත රෝගී තත්ත්වයකි.

 

එලිසබෙත් රැජිනගේ මිනිබිරිය, 34 හැවිරිදි ඉයුජිනි කුමරිය ද වයස අවුරුදු 12 දී Scoliosis රෝගය හේතුවෙන් ඇගේ කොඳු ඇට පෙළේ සැත්කමකට මුහුණ දී තිබුණා.

 

කෙසේ නමුත් සැත්කමෙන් පසුව ශේෂ වූ කැළල සැඟවීමට ඇය කිසිවිටෙකත් උත්සාහ නොගැනීම විශේෂත්වයකි.

 

මේ සම්බන්ධයෙන් ඇයව වඩාත් කතාබහට ලක්වුයේ 2018 වසරේ වූ ඇගේ රාජකීය විවාහ දිනයේදී සිය සිරුරේ වූ කැළල මනාව පෙනෙන අයුරින් ඇය තෝරාගත් මංගල විලාසිතාව නිසාවෙනි.

 

 

ඒ අනුව ජාත්‍යන්තර Scoliosis දැනුවත් කිරීමේ දිනය සනිටුහන් කරමින් ඇය ඇගේ පුද්ගලික Instagram පිටුවේ මංගල ගවුමෙන් වූ සේයා රූ කිහිපයක් බෙදාගෙන තිබුණා.

 

"අද ජාත්‍යන්තර Scoliosis දැනුවත් කිරීමේ දිනයයි.

මට අවශ්‍ය වූයේ මගේ කැළල බෙදා ගැනීමටත්, ඒ හා සමාන දෙයක් මා සමඟ බෙදා ගැනීමට එහි සිටින ඕනෑම අයෙකු දිරිමත් කිරීමටත්ය.

අපි අපේ කැළැල් ගැන ආඩම්බර වෙමු!

පසුගිය රෝග විනිශ්චයන් ලබාගත් ඔබ සැමට,

ශල්‍යකර්මයකින් සුවය ලබන අයට සහ වසර ගණනාවක් කැළලක් සමඟ ජීවත් වූ අයට

Scoliosis දැනුවත් කිරීමේ දිනයේදී මම ඔබ සමඟයි..."

 

 

එලෙස සඳහන් කළ ඇය Scoliosis Support & Research පුණ්‍යායතනයේ වෛද්‍යවරුන්, හෙදියන්, භෞත චිකිත්සකයින් සහ පර්යේෂකයන්ට ස්තුතිවන්ත වීමටත් අමතක නොකිරීම විශේෂයි.

 

වරෙක මාධ්‍ය සාකච්ඡාවකදී ඇන්ඩෘ කුමරුගේ සහ සාරා ෆර්ගියුසන්ගේ දියණිය, ඉයුජිනි කුමරිය ඇයගේ මංගල ගවුම පිළිබඳව ද මෙයාකාරයෙන් අදහස් දක්වා තිබුණා.

 

"මට හැමවිටම අවශ්‍ය වූයේ පහත් පිට සහිත ගවුමකි. නමුත් එයින් කොටසක් මගේ කැළල පෙන්වයි.

ඒ වගේම මම විශ්වාස කරනවා කැළැල් ඔබේ අතීතය සහ ඔබේ අනාගතය ගැන කතාවක් කියයි.

මට නම්, එය Scoliosis සමඟ හෝ ඊට සමාන තත්ත්වයන්ට මුහුණ දෙන සහ ඔවුන් සමඟ කටයුතු කිරීමට උත්සාහ කරන තමන්ගේම කැළලක් ඇති පුද්ගලයින් සමඟ සන්නිවේදනය කිරීමේ ක්‍රමයකි..."

 

 

 

views

295 Views

Comments

arrow-up