“අපි හැමෝම ඉපදෙනවා... අපි හැමෝම මැරෙනවා. මේක ඒ ක්‍රියාවලියේ කොටසක් විතරයි...” - සුපිරි ඔලිම්පික් ශූරයා ගැන ඇහෙන අනුවේදනීය කතාව
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
23

“අපි හැමෝම ඉපදෙනවා... අපි හැමෝම මැරෙනවා. මේක ඒ ක්‍රියාවලියේ කොටසක් විතරයි...” - සුපිරි ඔලිම්පික් ශූරයා ගැන ඇහෙන අනුවේදනීය කතාව

“අපි හැමෝම ඉපදෙනවා... අපි හැමෝම මැරෙනවා. මේක ඒ ක්‍රියාවලියේ කොටසක් විතරයි...” - සුපිරි ඔලිම්පික් ශූරයා ගැන ඇහෙන අනුවේදනීය කතාව

තමාට මාරාන්තික පිළිකාවක් ඇති බවත්, තවත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ වසර දෙකත් හතරත් අතර කාලයක් පමණක් වන බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළ බවත් ලෝක ප්‍රකට ඔලිම්පික් ශූර 48 හැවිරිදි ක්‍රිස් හෝයි (Chris Hoy) පවසනවා.

 

බ්‍රිතාන්‍යයේ වඩාත්ම සාර්ථක පාපැදි ක්‍රීඩකයෙකු ලෙස හඳුනාගැනෙන ඔහු මේ බව ප්‍රසිද්ධියේම නිවේදනය කර තිබුණේ, සන්ඩේ ටයිම්ස් පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදීයි.

 

එම වාර්තාවන්ට අනුව ක්‍රිස් පසුගිය සැප්තැම්බර් මාසයේදී රෝහලට ගොස් ඇත්තේ උරහිසේ වේදනාවකට ප්‍රතිකාර ලැබීම සඳහායි.

 

ඒ සඳහා කළ ස්කෑන් පරීක්ෂණයකින් එහි ගෙඩියක් ඇති බවට හඳුනාගෙන ඇති බව සඳහන්. පසුව එහි දෙවන ස්කෑන් පරීක්ෂණයට පෙර ඔහුගේ පුරස්ථ ග්‍රන්ථියේ පිළිකාවක් ඇති බවත් එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් සොයාගෙන තිබෙනවා.

 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ ප්‍රතිකාර ලබන කාලය අතරතුරදීත් ඔහුගේ ශරීරයේ තවත් ස්ථානයන්හි ගෙඩි ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

 

“මෙය අස්වාභාවික යැයි හැඟෙන බව විශ්වාසයි. ඔබ දන්නවා, අපි හැමෝම ඉපදෙනවා... අපි හැමෝම මැරෙනවා. මේක ඒ ක්‍රියාවලියේ කොටසක් විතරයි...” සිය තත්ත්වය පිළිබඳව ක්‍රිස් එලෙස සඳහන් කර තිබුණා.

 

ක්‍රිස් හෝයි සිය වෘත්තීය ජීවිතය තුළ රන් පදක්කම් හයක් දිනූ ලෝක ප්‍රකට ඔලිම්පික් ශූරයෙකි.

views

150 Views

Comments

arrow-up