පෙම්සුව විඳින්න මුහුද අයිනට ගිය ජෝඩුවට වෙච්ච හිතාගන්නවත් බැරිදේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

පෙම්සුව විඳින්න මුහුද අයිනට ගිය ජෝඩුවට වෙච්ච හිතාගන්නවත් බැරිදේ

පෙම්සුව විඳින්න මුහුද අයිනට ගිය ජෝඩුවට වෙච්ච හිතාගන්නවත් බැරිදේ

හබ­රා­දූව පොලිස් වසමේ උණ­ව­ටුන මුහුදු තීරයේ පෙරේදා (18) ගල් පර­යක් මත පෙම්සුව විඳි­මින් සිටි පාසල් සිසු­වකු සහ සිසු­වි­යක රළ පහ­ර­කට හසුව මුහු­දට ගසා­ගෙන ගොස් ඇත.

 

එහිදී වහාම ක්‍රියා­ත්මක වූ ධීව­ර­යන් පිරි­සක් මුහු­දට පැන දියේ ගසා­ගෙන ගොස් ගිලෙ­මින් සිටි සිසු­වි­යව බේරා­ගෙන ඇතත් සිසුවා ඊයේ (19) වන­තු­රුත් හමුවී නැත. ඔහුව ඈත දිය­ඹට ඇදී ගොස් ඇති බව කියැවේ.

 

සිසුවා සොයා නාවික හමු­දාව, පොලි­සිය සහ ප්‍රදේ­ශ­වා­සීන් විසින් ඊයේ දින­යේත් මෙහෙ­යුම් සිදු­ක­රනු ලැබීය.

 

මෙසේ මුහුදේ ගසා­ගෙන ගොස් අතු­රු­දන්ව ඇත්තේ ගාල්ලේ ප්‍රසිද්ධ පිරිමි පාස­ලක අධ්‍යා­ප­නය ලබන එම පාසලේ ශිෂ්‍ය නාය­ක­යකු බව මේ සම්බ­න්ධ­යෙන් විම­ර්ශන පව­ත්වන හබ­රා­දූව පොලි­සිය සඳ­හන් කළේය.

 

මෙලෙස මුහු­දට ගසා­ගෙන ගොස් ඇතු­රු­දන්ව ඇත්තේ අක්මී­මන වල­හං­දූවේ පදිං­චි­ක­රු­වෙකි.

 

මුහු­දට ගසා­ගෙන යෑමෙන් සිසු­වි­යට කිසිදු තුවා­ල­යක් සිදුව නැති බවත් ඇය ගාල්ල ප්‍රදේ­ශයේ පදිං­චි­කා­රි­යක බවත් පොලි­සිය සඳ­හන් කරයි.

 

මෙම සිදු­වීම වන විට ඔවුන් සිට ඇත්තේ පාසල් ඇඳු­මින් නොව, සාමාන්‍ය ඇඳු­මින් බවත් අන­තුර සිදුව ඇත්තේ පාසල් කාලයේ නොවන බවත් පොලි­සිය කියයි.

views

353 Views

Comments

arrow-up