ඉදිරි සතියේ බොරතෙල් මිලට වෙන්න යන විශේෂ දේ මෙන්න

ඉදිරි සති කිහිපය ඇතුළත ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල විශාල ප්‍රතිශතයකින් පහළ යනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
රුසියා - යුක්‍රේන යුද්ධය ආරම්භ වීමෙන් පසුව විශාල අගයකින් බොරතෙල් මිල පහළ යනු ලබන ප්‍රථම අවස්ථාව මෙය බව සඳහන් වන අතර, මෙම මිල පහළ යාම 20% ක පමණ ප්‍රතිශතයකින් සිදුවනු ඇති බවට විදෙස් වාර්තා වැඩි දුරටත් පෙන්වා දී තිබේ.
පසුගිය වකවානුවේ බොරතෙල් මිල ඉහළ යාමට රුසියා - යුක්‍රේන යුද්ධය ප්‍රබල සාධකයක් වූ නමුත් පසුගිය සතිය වනවිට බොරතෙල් බැරලයක මිල ඩොලර් 67 කට ආසන්න අගයක් දක්වා පහළ වැටී තිබූ බව ද සඳහන් වේ.
2021 වසර වනවිට ඩොලර් 100 ක් දක්වා ඉහළගොස් තිබූ බොරතෙල් බැරලයක මිල මෙවැනි අගයකින් පහත වැටීම සුවිශේෂී කරුණක් බව ද විදෙස් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දේ.
335 Views
Comments