ණය ගැන කියමින් ණයහිමියන්ට ජනපතිගෙන් ලිපියක්

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමේ සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමේ වැඩසටහනේදී පූර්ණ විනිවිදභාවයක් පවත්වා ගන්නා බව ජනපති මෙරට බාහිර ණය හිමියන් වෙත ප්‍රකාශ කර තිබේ. විවෘත ලිපියක් මාර්ගයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.
තවද ද්විපාර්ශ්වික සහ පෞද්ගලික ණය හිමියන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් රාජ්‍ය ණය අර්බුදය කඩිනමින් විසඳා ගැනීම සඳහා මෙරට සමග සහයෝගීව කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා සිය ලිපිය මගින් ණයහිමියන් දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.
279 Views
Comments