APR
26
ශ්‍රී ලංකාව තුළ ඉන්දියන් රුපියල් භාවිතයට අවසර

මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන්ට මෙරට තුළදී ඉන්දියානු රුපියල් භාවිතා කළ හැකි යැයි මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටී.
දෙරට අතර වෙළෙඳ ගනුදෙනු සඳහා ද ඉන්දීය රුපියල් භාවිතා කිරීමට හැකි බව ඔහු වැඩි දුරටත් පවසා සිටී. ඉන්දියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය විසින් කොළඹදී සංවිධානය කරන ලද උත්සවයක ප්‍රධාන දේශනය පවත්වමින් ඔහු මේ බව සඳහන් කොට සිටියේය.
409 Views
Comments