HNB බැංකුවට ජාත්‍යන්තර සම්මානයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
21

HNB බැංකුවට ජාත්‍යන්තර සම්මානයක්

HNB බැංකුවට ජාත්‍යන්තර සම්මානයක්

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවක් වන ඒෂියාමනී සඟරාව විසින් 2023 වසරේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා (ආසියානු බැංකු) සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා (ආසියානු බැංකු) ලෙස පසුගියදා ඇගයීමට ලක් කළේය.

 

මෙම සම්මානයේ තවත් සුවිශේෂත්වයක් වන්නේ ශ‍්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොල ප‍්‍රමුඛයා ලෙස 2023 යුරෝමනී සම්මාන උළෙලේදී ද බැංකුව මේ අයුරින්ම ඇගයීමට ලක් කර තිබීමයි.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB වෙළෙඳ අංශ ප‍්‍රධානී රොසෑන් ඩී. අල්මේදා මහත්මිය පැවසුවේ අපේ රට පෙර නොවූ විරූ අභියෝගාත්මක ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, Euromoney සහ Asia money වෙතින් අඛණ්ඩව ලැබූ මෙම ඇගයීම් තුළින් ශ‍්‍රී ලංකාවේ වෙළෙඳපල ක්ෂේත‍්‍රය වෙනසකට ලක් කරන අපගේ ජාත්‍යන්තර වෙළඳ සේවා කණ්ඩායම්වල කැපවීම තවදුරටත් සහතික කිරීමට ඉවහල් වන බවයි.

 

Euromoney සහ Asia money සඟරා වෙතින් වෙළෙඳ මූල්‍ය ක්ෂේත‍්‍රය සඳහා සම්මාන දිනා ගත් සිව්වන අවස්ථාව මෙය වන අතර මෙම ඇගයීමත් සමගින් ජාත්‍යන්තර වෙළඳ සේවාවන්හි ප‍්‍රමුඛ ස්ථානයක් හිමි කරගැනීමට සමත් වූ පළමු දේශීය බැංකුව බවට HNB පත් විය.

views

337 Views

Comments

arrow-up