විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ආදායම ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
31

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ආදායම ඉහළට

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ආදායම ඉහළට

විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදීත් ඇමරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 407 ක ප්‍රේෂණ පසුගිය මාසයේදී ලැබී ඇති බව  මහබැංකුව නිවේදනය කළේය.

 

2022 වසරේ පෙබරවාරි මාසයේ විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබී තිබුනේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක මුදලක් පමණක් බව වාර්තා වේ. පසුගිය මාසයේදී විදේශ රැකියා සඳහා පුද්ගලයින් 23,974 දෙනෙකු පිටත්ව ගොස් ඇති බව සදහන් වන අතර පෙබරවාරි මාසයේදී දිවයිනට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 107,639 ක් වේ.

 

ඒ අනුව සංචාරක ඉපයීම් පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 170 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කළේය.

views

303 Views

Comments

arrow-up