ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සැරසෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සැරසෙයි

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සැරසෙයි

ද්විපාර්ශ්වික වෙළෙඳාමට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් බිලියනයකට සමානව ඉන්දියානු රුපියල් (INR) වලින් මුදල් හුවමාරු පහසුකම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

 

 

මේ බව හිටපු මහ බැංකු අධිපති සහ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඊයේ මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද විශේෂඥ මණ්ඩල සාකච්ඡාවකදී පවසා ඇත.

 

 

මීට අමතරව පසුගිය වසරේ ලැබුණු ඇමරිකානු ඩොලර් බිලියනයක ණය වාරිකය සහ Asian Clearing Union යටතේ ඇති ණය ආපසු ගෙවීම වසර පහකින් දීර්ඝ කිරීමට රජය ඉන්දීය බලධාරීන් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කොට තිබේ.

views

277 Views

Comments

arrow-up