JUN
24
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
එහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
ලබන 30 වන දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් අදාළ වෙන්දේසියේ ගෙවීම් කළ යුතු දිනය ලබන ජූලි මස 4 වනදා ලෙස වෙනස් වන බවද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.
344 Views
Comments