ඉන්දියාවෙන් ලංකාවට අද ලැබුණු සහනය

ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනයේ කාලසීමාව තවත් වසරකින් දීර්ඝ කිරීමට ඉන්දියාව සිය කැමැත්ත පළ කර ඇති බව වාර්තා වේ.
නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් ප්‍රියන්ත රත්නායක මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකින් පීඩා විඳි සමයේ ලබාදුන් ඩොලර් බිලියන 4 ක ණය සහනයෙන් කොටසක් වූ එම මුදල පසුගිය මාසය වනවිට ගෙවීමට නියමිතව තිබූ අතර, පැවති සාකච්ඡාවලින් පසු එම ණය සහනය 2024 මාර්තු දක්වා දීර්ඝ කර ගැනීමට හැකි වූ බවයි.
ඉන්දියාව විසින් ලබාදුන් ඩොලර් බිලියනයක ණය සහනය මූලික ලෙසම භාවිතා කරන ලද්දේ ඖෂධ සහ ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා බව වාර්තා වේ.
354 Views
Comments