විදෙස් ආයෝජකයින් වෙනුවෙන් දැවැන්ත ආකර්ශන පැකේජයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
03

විදෙස් ආයෝජකයින් වෙනුවෙන් දැවැන්ත ආකර්ශන පැකේජයක්

විදෙස් ආයෝජකයින් වෙනුවෙන් දැවැන්ත ආකර්ශන පැකේජයක්

විදේශ ආයෝජන විශාල වශයෙන් ආකර්ශනය කර ගැනීම සඳහා විශේෂ පැකේජයක් ඉදිරියේ දී හඳුන්වා දීම ජනාධිපතිවරයා විසින් යෝජනා කර තිබේ.

 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව පවසා සිටියේය.

 

ඒ අනුව විදේශ ආයෝජන සඳහා අවශ්‍ය රාජ්‍ය මූල්‍ය හා ප්‍රතිපාදන ඇතුළත්ව වරප්‍රසාද පැකේජයක් නුදුරේදීම ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

ආයෝජන ආකර්ෂණය කර ගැනීමට අවශ්‍ය දිරිගැන්වීම ප්‍රමාණවත් ලෙස නොලැබීම විශාල ගැටළුවක් බවද පැවසූ අමාත්‍යවරයා ස්වභාවික සම්පත් මෙපමණ තිබියදීත් එය නිසි ලෙස සිදු නොවීම පිළිබඳ සියලු දෙනා අවධානය යොමු කළ යුතු බවද පවසා සිටියේය.

views

314 Views

Comments

arrow-up