JUL
24
අයි.එම්.එෆ්. සාකච්ඡා කඩිනම් කෙරේ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කෙරෙන සාකච්ඡා නැවත කඩිනම් කිරීමට රජය තීරණය කර ඇත.
පසුගිය සති කිහිපය තුළ රටේ ඇති වූ දේශපාලන අස්ථාවරත්වය නිසා ඊට පෙර පවත්වාගෙන ආ සාකච්ඡා වට ඉදිරියට පවත්වා ගැනීම අසීරු විය. නැවත සාකච්ඡා ඇරඹීමට මුදල් අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.
අයි.එම්.එෆ්. හෙවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශක ජෙරී රයිස් මහත මාධ්‍ය ප්‍රකාශයක් මඟින් නිවේදනය කර තිබුණේ ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරත්වයක් ඇති වූ වහාම සාකච්ඡා නැවත ආරම්භයට සූදානම් බවයි.
358 Views
Comments