භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
16

භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

භාණ්ඩ වර්ග කිහිපයක මිල පහළට

ලංකා සතොස භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ.

 

ඒ අනුව හෙට (17) සිට කියාත්මක වන පරිදි සතොස මෙලෙස භාණ්ඩ වර්ග 09ක මිල ගණන් පහළ දැමීමට තීරණය කර ඇත.

 

LSL කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 29කින් පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 970කි.

 

සෝයා මීට් කිලෝ 1ක මිල රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 625කි.

 

හාල්මැස්සන් (තායි) කිලෝ එකක මිල රුපියල් 15කින් පහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1160කි.

 

භාස්මතී සහල් කිලෝ ග්‍රෑම් 1ක නව මිල රුපියල් 675ක් වන අතර එය රුපියල් 15කින් පහළ දමා ඇත.

 

දුඹුරු සීනි කිලෝ එකක නව මිල රුපියල් 350කි.

 

අර්තාපල් කිලෝ එකක් රුපියල් 325ක්, කඩල කිලෝ එකක් රුපියල් 555ක්, සුදු ලූණු කිලෝ එකක් රුපියල් 630ක් ලෙස මිල පහල දමා ඇති අතර එම භාණ්ඩ සියල්ල රුපියල් 05කින් මිල අඩුකර ඇත.

 

රතු කැකුළු සහල් කිලෝ එකක නව මිල රුපියල් 147කි. 

views

243 Views

Comments

arrow-up