AUG
12
විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සැලකිය යුතු ලෙස ඉහළ ගොස්

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ඉකුත් ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 476ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ගිය වසරේ (2022) ජුනි මාසයේ විදේශ විනිමය ප්‍රේෂණ ලැබීම ඇමෙරිකානු ඩොලර් මිලියන 274ක් විය.
මේ අතර ගිය වසරේ (2022) මුල් මාස හයේදී වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් මිලියන 1610 ක්වූ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය මේ වසරේ (2023) මුල් මාස හයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 2823ක් දක්වා ද වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ.
424 Views
Comments