MAY
09
මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා වැඩි පිරිසක් බරපතල ආර්ථික අර්බුදයක

මෙරට ජනගහනයෙන් 52% ක් බරපතල ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බව යුරෝපා සංගමය, ජර්මානු ෆෙඩරල් විදේශ කාර්යාලය, ශ්‍රී ලංකාවේ ජර්මානු තාක්ෂණික සහයෝගිතා ආයතනය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව සිදුකරන ලද සමීක්‍ෂණයකින් හෙළිව තිබේ.
දෛනික අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට මෙරට ජනගහනයෙන් සිට 22.7% කට නොහැකි වී ඇති අතර තවත් 17% ක පිරිසක් ජීවන වියදම හා ඒ ආශ්‍රිත ගැටළු වලට මුහුණ දෙමින් සිටින බවත් මෙම වාර්තාවේ සඳහන් වේ.
එසේම, මෙරට ජනගහනයෙන් 13% ක පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
377 Views
Comments