තෙල් මිල ඉහළ යාමේ අවදානමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

තෙල් මිල ඉහළ යාමේ අවදානමක්

තෙල් මිල ඉහළ යාමේ අවදානමක්

ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල 2019 අප්‍රේල් 25 ට පසු වාර්තා වූ ඉහළම මිල අද වාර්තා කළා. 

 

බ්‍රෙනට් තෙල් වෙළෙඳ පොළේ බොරතෙල් බැරලයක මිල වාර්තා වුනේ ඇමරිකානු ඩොලර් 75.27ක් ලෙසටයි. 

 

කෙසේ වෙතත් මෙරට තෙල් මිල කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරන ඩබ්ලිව්. ටී. අයි හෙවත් වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් බොරතෙල් බැරලයක මිල තවමත් පවතින්නේ ඇමරිකානු ඩොලර් 73.25ක් ලෙසටයි. 

 

පසුගිය මාස හයක කාලය තුළ තෙල් වෙළෙඳ පොළේ 40% ක අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර ලබන වසර වන විට බොරතෙල් මිල ඇමරිකානු ඩොලර් 100ක් දක්වා ඉහළ යන බවට බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකුව මත පලකරනවා. 

 

කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගතය පහව ගිය පසු ඛනිජ තෙල් ඉල්ලු‍ම තවත් වැඩි වීමත් සමඟ බොරතෙල් බැරල් එකක මිල ඉහළ යනු ඇති බව බෑන්ක් ඔෆ් ඇමරිකා බැංකුව අනතුරු අඟවනවා. 

views

680 Views

Comments

arrow-up