විදේශ සංචිතවල දැවැන්ත හිගයක් - ලංකාවේ අදුරුතම යුගය ඉදිරියට?
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
17

විදේශ සංචිතවල දැවැන්ත හිගයක් - ලංකාවේ අදුරුතම යුගය ඉදිරියට?

විදේශ සංචිතවල දැවැන්ත හිගයක් - ලංකාවේ අදුරුතම යුගය ඉදිරියට?

ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉක්මනින් ඉහල දමා නොගතහොත් ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආර්ථික ගැටලු රැසකට මුහුණපානු ඇති බව මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා පවසනවා.

 

මේ වන වන විට මෙරට ඒක පුද්ගල ණය ප්‍රමාණය ලක්ෂ 06කට ආසන්න වී ඇති බව එම මහතා ප්‍රකාශ කර සිටියා. 

 

විදේශ සංචිත ගැටලුව නිසා ඉදිරියේදී විදේශයන්ගෙන් ණය ලබා ගැනීමේදී පවා දැඩි කොන්දේසි ප්‍රමාණයකට  යටත්වීමට සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

 

රට තුළ ඇති විදේශ සංචිත සම්බන්ධයෙන් පසුගිය දින කිහිපය තුළ දැඩි කතාබහක් ඇති වූ අතර ඇමරිකානු ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව බොහෝ පාර්ශ්ව මෙහිදී මත පළ කළා.

 

 ඉන්ධන මිල වැඩි කිරීමට හේතුවක් වූයේ ද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීමයි. 

 

ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති දත්ත වලට අනුව ඉකුත් වසරේ මෙරට සතුව ඇමෙරිකානු ඩොලර් බිලියන 5.7 ක විදේශ සංචිත ප්‍රමාණයක් පැවතුනත් මේ වසරේ මුල් භාගයේ දී එය 4.6 දක්වා අඩු වී තිබුණා.

 

පසුගිය මාර්තු මාසය වන විට මෙරට සතු විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4.1 ක් දක්වා පහත වැටී ඇති බව මහ බැංකුව පවසනවා. 

views

603 Views

Comments

arrow-up