APR
08
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

එළඹෙන 11 වැනිදා රුපියල් මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වෙන බව මහ බැංකුව නිවේදනය කොට සිටී.
මෙහිදී රුපියල් මිලියන 60,000 ක් වටිනා දින 91 කින් කල් පිරෙන බිල්පත්, රුපියල් මිලියන 20,000 ක් වටිනා දින 182 කින් කල් පිරෙන බිල්පත් සහ රුපියල් මිලියන 40,000 ක් වටිනා දින 364 කින් කල් පිරෙන බිල්පත් වෙන්දේසි කිරීමට නියමිත බව මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කොට සිටී.
339 Views
Comments