ණය මුදල මේ මාසයේ ලැබෙන බවට අමාත්‍ය අලි සබ්‍රි කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
05

ණය මුදල මේ මාසයේ ලැබෙන බවට අමාත්‍ය අලි සබ්‍රි කියයි

ණය මුදල  මේ මාසයේ  ලැබෙන බවට අමාත්‍ය අලි සබ්‍රි කියයි

විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනුමත වූ ණය මුදල මෙම මාසය තුළ දී ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවයි. ඉන්දීය මාධ්‍ය වෙත සාකච්ඡාවක් ලබා දෙමින් ඔහු මේ බව කියා සිටියේය.

 

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා දෙහිඕවිට ප්‍රදේශයේ අද පැවති වැඩසටහනකින් පසුව මාධ්‍ය අමතමින් කියා සිටියේ රාජ්‍ය වියදම් සිදුකළ යුත්තේ කිසියම් අනුපිළිවෙලකට බවයි.

 

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, එය වෙනස් වුවහොත් මේ මොහොතේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ අර්බුදයකට මුහුණ පෑමට සිදුවන බවය.

views

275 Views

Comments

arrow-up