පොල් ප්‍රශ්නයට හොඳම විසඳුමක් මෙන්න "පොල් පිටි"

පොල් පිටි යනු වියළි, අඹරන ලද පොල් මදය මගින් සාදන ලද සියුම් මෘදු කුඩු (powder) වේ . එය පොල් කිරි සහ පොල්තෙල් නිෂ්පාදනයේ අතුරු ඵලයකි.
පොල් පිටි නිෂ්පාදනය කිරීමේදී පොල් මදය ඉවත් කර, සෝදා, ගානු ලබයි. පසුව මදයෙන් පොල් කිරි වලින් වෙන් කරනු ලැබේ . ඉන්පසුව ඉතිරි වන ඝන ද්‍රව්‍ය අඩු උෂ්ණත්වයකදී පුළුස්සා (baked) පිටි වලට අඹරනු ලැබේ.
පොල් පිටි වල අඩංගු කැලරි ප්‍රමාණය අඩු නමුත් තන්තු සහ ප්‍රෝටීන් අන්තර්ගතය ඉහළය . එබැවින් අඩු කාබෝහයිඩ්‍රේට ආහාර රටාවක් (low-carb diet) අනුගමනය කරන අය අතර එය ජනප්‍රිය තේරීමකි. එසේ වූවද පොල් පිටි වල සැලිසිලේට් අධික බැවින් සැලිසිලේට් සඳහා සංවේදීතාවයක් (salicylate sensitivity) තිබෙන පුද්ගලයන්ට පොල් පිටි භාවිතය එතරම් හිතකර නොවිය හැක.
පොල් පිටි ප්‍රධාන වශයෙන් තන්තු, පොටෑසියම්, යකඩ සහ ශාක ප්‍රෝටීන වලින් පොහොසත් වේ . ඊට අමතරව විටමින් E, විටමින් B, විටමින් K, කැල්සියම්, මැග්නීසියම්, කොපර්, ෆ්ලොරීන් සහ සෙලිනියම් ද අඩංගු වේ.
පොල් පිටි ස්වාභාවිකවම ග්ලූටන් රහිත වන අතර එම නිසා එය සිලියැක් රෝගය (celiac disease) සහ gluten intolerance යන තත්ත්ව ඇති පුද්ගලයින් සඳහා හොඳ විකල්පයකි.
පාන්, පෑන් කේක්, කුකීස්, මෆින් සහ වෙනත් බේකරි ආහාර සෑදීමේදී පොල් පිටි භාවිත කළ හැකි අතර සුප් සහ ස්‍ටූ වල උකු බව වැඩි කිරීමට ද එය යොදා ගැනේ. බේකරි නිෂ්පාදන සඳහා පොල් පිටි භාවිත කිරීම තුළින් එම නිෂ්පාදන වලට පොල් වලට ආවේනික වූ රසය සහ සුවඳ ලබා දීමට හැකියාවක් පවතී.
පොල් පිටි ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යමත්භාවය වැඩි දියුණු කරයි. එහි අඩංගු තන්තු, මලබද්ධය සහ මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ අවදානම අවම කරන අතර බඩවැල ආශ්‍රිත හිතකර බැක්ටීරියා පෝෂණය කරයි.
තවද පොල් පිටි හොඳ හෘද සෞඛ්‍යයක් පවත්වා ගැනීමට උපකාරී වේ. පොල් පිටි වල ඉහළ කෙඳි අන්තර්ගතය, පොටෑසියම්, හෘද රෝග අවදානම් සාධක, කොලස්ටෙරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම් අඩු කිරීමට සහ සෞඛ්‍යසම්පන්න රුධිර පීඩන මට්ටම් පවත්වා ගැනීමට උපකාරී වේ. එසේම නීරෝගී ශරීර බරක් පවත්වා ගැනීමටද ඉවහල් වේ.
ආහාර රුචිය නියාමනය සඳහා වැදගත් වන තන්තු සහ ප්‍රෝටීන මගින් ආහාර වේල් අතර කුස පිරුණු ස්වභාවයක් දැනවීමට (feeling full) උපකාරී වන අතර එමගින් පරිභෝජනය කරන සමස්ත කැලරි ප්‍රමාණය අඩු කිරීමට දායක වේ.
පොල් පිටි වලට අඩු ග්ලයිසිමික් දර්ශකයක් (glycemic index) ඇති අතර එය රුධිරයේ සීනි මට්ටම වැඩිවීම පාලනය කිරීමට උපකාරී වේ.
මීට අමතරව පොල් පිටි වලට ඉහළ අවශෝෂක හැකියාවක් පවතී. එබැවින් ඉතා කුඩා පොල් පිටි ප්‍රමාණයක් මගින් සැලකිය යුතු දියර ප්‍රමාණයක් අවශෝෂණය කරන අතර එය ආහාර වල වියළි භාවයක් ඇති කිරීමට හේතු විය හැකිය. එහි ප්‍රතිඵලයක් ලෙස එය වෙනත් පිටි සමඟ 1 : 1 ආදේශකයක් ලෙස සෘජුවම භාවිතා කළ නොහැක.
ශතවර්ෂ ගණනාවක් තිස්සේ පොල් කිරි සහ පොල්තෙල් ශ්‍රී ලාංකීය ආහාර වේලෙහි ප්‍රධාන අංග වූවද, පොල්වලින් පොල් කිරි සහ පොල්තෙල් ලබාගෙන ඉතිරි වන පොල් රොඩු එහි නියම ප්‍රතිලාභ ලබා නොගෙන මුළුතැන්ගෙයි අපද්‍රව්‍ය ලෙස බැහැර කරනු ලබයි. එබැවින් පොල් පිටි සැදීම, ඉහල පෝෂණීය වටිනාකමක් සහිත, එනමුත් අපතේ යවන පොල් කුඩු, වඩා ඵලදයී ලෙස භාවිත කල හැකි උපක්‍රමයකි.
413 Views
Comments