සුරංගනා කතා ලොවේ රජු සැමරෙන ලෝක ළමා පොත් දිනය අදයි

අද ජාත්‍යන්තර ළමා පොත් දිනයයි. සුරංගනා කතා ලෝකයේ පියා ලෙස විරුදාවලියලත් ඩෙන්මාර්ක් ජාතික හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් (Hans Christian Andersen) ළමා සාහිත්‍ය වෙනුවෙන් කරනු ලැබූ මහත් සේවයට උපහාර පිණිස ඔහුගේ උපන් දිනය යෙදෙන අප්‍රේල් 2 (1805 අප්‍රේල් 2) වෙනිදා ජාත්‍යන්තර ළමා පොත් දිනය ලෙසින් නම් කොට තිබේ. අප්‍රේල් 2 වෙනිදා ජාත්‍යන්තර ළමා පොත් දිනය ලෙසින් සැමරීම මුල්වරට ආරම්භ කෙරුණේ 1967 වර්ෂයේදීය.
ඇන්ඩර්සන්ගේ කථා මුද්‍රා නාට්‍ය සහ චිත්‍රපට සඳහා ආභාෂය ලබා දී ඇත. Thumbelina (1835), The Emperor's New Clothes (1837), The Little Mermaid (1836) සහ The Princess and the Pea (1835) ඔහු නිර්මාණය කළ පොත් වලින් කිහිපයක් වන අතර මෙම පොත් සජීවිකරණ අනුවර්තන ලෙසද නිර්මාණය විය.
ලොව පුරා සිටින මිනිසුන්ට හොඳ පොතක් රස විඳීමට හැකි වන පරිදි ළමා පොත් දිනය නිර්මාණය කර ඇත. විශේෂයෙන්ම මෙම දිනය ළමා පොත්පත් කෙරෙහි අවධානය යොමුකරනවා සේම අන් අයවද කියවීමට පොළඹවන දිනයකි. මෙම දිනය නිර්මාණය කරන ලද්දේ IBBY ලෙසින් හැඳින්වෙන යෞවනයන් සඳහා පොත් පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය විසිනි.
සෑම වසරකම, ළමා පොත් දිනයේ ජාත්‍යන්තර අනුග්‍රාහකයා වීමට යම් රටකට අවස්ථාව ලැබේ. දවසේ අනුග්‍රාහකයාට තේමාවක් තෝරා ගැනීමට හැකි වන අතර, සත්කාරක රටෙහි ප්‍රමුඛ ලේඛකයෙකුට ලොව පුරා සිටින දරුවන්ට පණිවිඩයක් ලිවීමට ආරාධනා කරනු ලැබේ. මෙම උත්සවය ප්‍රචාරණය කිරීමට සහ අලෙවි කිරීමට යොදා ගන්නා පෝස්ටරයක් එකතු කිරීම සඳහා ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙකු ද තෝරා ගනු ලැබෙන බව සඳහන් වේ.
704 Views
Comments