ලොව වටා සවාරියක් යන්න සැරසෙන එස්කොබාර්ගේ හිපෝ ලා

අප්‍රිකාවෙන් පිටත ලෝකයේ සිටින විශාලතම හිපෝ රංචුව විදේශ අභයභූමි වෙත ගෙනයෑමේ සැලසුමක් සඳහා ඩොලර් මිලියන 3.5 ක් වැය කිරීමට කොලොම්බියානු රජය සැරසෙයි.
1993 දී පොලිස් වෙඩි පහරින් මියගිය ලෝ සුපතල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැබ්ලෝ එස්කොබාර් විසින් නීතිවිරෝධීව කොලොම්බියාවට ආනයනය කළ බවට සැලකෙන විදේශීය සතුන් අතරේ හිපපොටේමස් සතුන් ද වූ අතර, ඔහුගේ මරණයෙන් පසු නිදහසේ සැරිසැරූ මෙම සතුන්ගේ ගහණය වැඩිවෙමින් හිපපොටේමස් සතුන් 70 ක් දක්වා එම රංචුව වර්ධනය වී ඇති බව කොලොම්බියානු බලධාරීන් කියා සිටී.
මීළඟ මාස කිහිපය තුළ දී එම හිපෝ සතුන්ගෙන් 10 දෙනෙකු මෙක්සිකෝවටත්, 60 දෙනෙකු ඉන්දියාවටත් යැවීමට නියමිත බව වාර්තා වී තිබේ.
349 Views
Comments