ඔබ කන කෑම දිරවනවද? ජීර්ණය වෙනවද? මෙන්න වෙනස දැනගන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
09

ඔබ කන කෑම දිරවනවද? ජීර්ණය වෙනවද? මෙන්න වෙනස දැනගන්න

ඔබ කන කෑම දිරවනවද? ජීර්ණය වෙනවද? මෙන්න වෙනස දැනගන්න

අපි කන කෑම දිරවනවා කියන්නෙයි ජීර්ණය වෙනවා කියන්නෙයි එකක් නෙවෙයි දෙකක්. දිරවනවා කියන්නේ දිරාපත් වෙනවා කියන එක. අපිට ශක්තිය ලැබෙන්නේ ආහාර දිරවීමෙන් නෙවෙයි. ජීර්ණය වීමෙන්.ඉතින් අපි ගන්න ආහාර පාන වල ගුණය අපේ සිරුරට හොඳින් ජීර්ණය වීමට නම් කුස පිරෙන්න ආහාර ගත්තට පස්සේ සුළු වේලාවක් හරි නිදාගන්න ඕන. මේකට කියන්නේ කුස පිරුණත් මොළේ නිදිකරවන්න ඕන කියලා.

 

ඇයි මෙහෙම කියන්නේ? අපි මෙහෙම හිතමු. අපි කෑම කාලා ඉන්න වෙලාවට අපිට කවුරුහරි මොනාහරි දේකට දොස් කියනවා හරි හිත රිදෙන දෙයක් සිද්ධවෙනවා. අනුවේදී හා ප්‍රත්‍යානුවේදී කියලා පද්ධති දෙකක් අපේ ඇඟේ තියෙනවා. මේ වගේ වෙලාවට අපේ ඇඟේ තියෙන අනුවේදී පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ගන්නවා. එහෙම වුනාම ආමාශය සංකෝචනය වීම නතර වෙනවා. එතකොට ආහාර දිරවීම සිද්ධ වුනත් ජීර්ණය වෙන්නේ නෑ. ආහාර දිරවන වෙලාවට ආමාශය සංකෝචනය වුණොත් විතරයි ආහාරවල තියෙන ගුණාත්මක බව සිරුරට උරා ගන්නේ.

views

378 Views

Comments

arrow-up