1940 සිට පැවතෙන ලෝකයේ ලොකුම මොළ බැංකුව ගැන දන්නවද?

ඩෙන්මාර්කය පුරා මනෝචිකිත්සක ආයතන විසින් 1940 සිට 1980 දශකය දක්වා දශක හතරක කාලයක් පුරා මිය ගිය රෝගීන්ගේ අනුමැතියකින් තොරව එකතු කරන ලද මිනිස් මොළ 10,000 කට ආසන්න ප්‍රමාණයක එකතුවක් දකුණු ඩෙන්මාර්ක විශ්ව විද්‍යාලය සතුව පවතින බව වාර්තා වේ.
ලොව විශාලතම මොළ එකතුව ලෙස සැලකෙන මෙම මිනිස් මොළ බැංකුව මොළය පිළිබඳ පර්යේෂණ සඳහා භාවිතා කළ හැකි බවට 1990 ගණන්වල දී ඩෙන්මාර්ක ආචාර ධර්ම කවුන්සිලය විසින් තීරණය කරන ලදී.
වසර ගණනාවක් පුරා ඩිමෙන්ශියාව සහ මානසික පීඩනය ඇතුළු බොහෝ රෝග අධ්‍යයනය කිරීමට මෙම එකතුව උපකාරී වී ඇති බවට එම ක්ෂේත්‍රය හා සම්බන්ධ විශේෂඥයින් පවසා සිටී.
315 Views
Comments