ප්ලාස්ටික් භාවිතා කරන කොයි කවුරුත් මේ දේවල් ගැන දැනුවත් නොවුනහොත් නම් ජීවිත අනතුරේ

වර්තමානයේ වෙළෙඳපොලේ ඇති බොහෝ ආහාර වර්ග ඇසුරුම් කොට ඇත්තේ ප්ලාස්ටික් ආශ්‍රිත ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කිරීමෙනි. නිවෙස් තුළදීද, ආහාර ගබඩා කිරීමට මෙන්ම පිළියෙල කිරීමට ද ප්ලාස්ටික් බඳුන්, බෝතල් බහුලව භාවිතා කරනු ලබයි. කෙසේ වුවත්, ප්ලාස්ටික් බඳුන් වල ආහාර ගබඩා කිරීම හා එහි ඇති සෞඛ්‍යාරක්ෂිත බව පාරිභෝගිකයින් අතර නිරන්තරයෙන් කතා බහට ලක්වන මාතෘකාවක් වේ.
ආහාර ගබඩා කිරීමට සහ ඇසිරීමට සුදුසු ප්ලාස්ටික් බඳුන්, food grade plastic ලෙස හඳුන්වනු ලබයි. කෙසේ වුවත්, පාරිභෝගිකයා තමා විසින් තෝරාගනු ලබන ප්ලාස්ටික් ඇසුරුම හෝ බඳුන ආහාර සැකසීමට හෝ ගබඩා කිරීමට කෙතරම් සුදුසු ද යන්න හා එහි ගබඩා කිරීමට සුදුසු සහ නොසුදුසු ආහාර පිළිබඳව දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ.
ආහාර සඳහා ප්ලාස්ටික් බඳුනක් තෝරාගැනීමේදි හා භාවිතයේදී මතක තබා ගත යුතු කරුණු කිහිපයක් මෙසේ දැක්විය හැකියි.
ප්ලාස්ටික් අංකය (code) දැන සිටීම
මෙම අංකය ප්ලාස්ටික් බඳුන් හා ඇසුරුම් වල පහළ කෙළවර හෝ පතුලේ කුඩා ත්‍රිකෝණයක් තුළ දක්නට ලැබේ. මෙයින් අදහස් වනුයේ එම බඳුන සාදා ඇති ප්ලාස්ටික් වර්ගය කුමක්ද යන්න හා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව වැනි විවිධ තොරතුරු පෙන්නුම් කරනු ලබයි. ඊට අමතරව, අඩංගු වන රසායනික ද්‍රව්‍ය මගින් සුදුසු නුසුදුසු ප්ලාස්ටික් වර්ග වෙන් කරගත හැකි වී ඇත. නිදසුනක් ලෙස, BPA අඩංගු ප්ලාස්ටික්, ළඳරු ආහාර ගබඩා කිරීමට සහ ළඳරු කිරි බෝතල් සෑදීමට භාවිතා කිරීම තහනම් කර ඇත. වර්තමානයේ ඇතැම් ප්ලාස්ටික් බෝතල් සහ ආහාර බඳුන් වල BPA-Free යනුවෙන් දැක්වීමට හේතුවද BPA අඩංගු ප්ලාස්ටික් ආහාර ඇසුරුම්කරණයට නුසුදුසු වීමයි.
සිසිල් බව රඳවා ගැනීම / අධික උෂ්ණත්වයන්ට ලක් කිරීම වැළකීම
ප්ලාස්ටික් දැඩි සහ කල්පවතින සුළු වුවද, කාලයත් සමග ඉහළ උෂ්ණත්වයන්ට ලක් වීම නිසා එහි අඩංගු වන පොලිකාබනේට දාම බිඳී යාමට ඉඩ පවතී. එසේ සමහර ප්ලාස්ටික් වර්ග, ඉහළ උෂ්ණත්වයන්ට ලක් කිරීම තුළින්, විවිධ විෂ රසායන ද්‍රව්‍ය ඉවත් ව යා හැකි බැවින්, ඒවා ආහාර වලට එක් විය හැකිය. උදාහරණයක් ලෙස, PET වර්ගයේ ප්ලාස්ටික් වර්ග අධි උෂ්ණත්වයන්හීදී, ඇන්ටිමනි වැනි විෂ සහිත ලෝහ ඉන් ඉවත් කරයි.
එමෙන්ම, වෙළෙඳපොළේ ඇති, මයික්‍රොවේව් උදුනේ දමා පිසින ක්ෂණික ආහාර වර්ග, මයික්‍රොවේව් කිරීමෙන් පසුව, එහි ඇසුරුම හෝ බඳුන යළි භාවිතා නොකළ සිටීම අනුමත කරනු ලබයි.
අධික පරිභෝජනය අවම කිරීම
එකම ප්ලාස්ටික් බඳුන, දිගු කාලයක් තිස්සේ නැවත නැවත භාවිතය, පාරිභෝගික සෞඛ්‍යයට අහිතකර විය හැක. එයට හේතුව නම් යළි යළි භාවිතය තුළින්, බඳුන් වල සීරීම් හරහා ප්ලාස්ටික් බඳුනෙහි අඩංගු රසායනික ද්‍රව්‍ය ඉවත් ව ඒවා ආහාරයට එකතු වීමට ඇති සම්භාවිතාව ඉහළ විය හැකි බැවිනි.
ආහාර ආශ්‍රිත ප්ලාස්ටික් බඳුන් අතින් සේදිය යුතුයි.
කිසිවිටෙක බඳුන් සෝදන යන්ත්‍ර තුළට මෙවැනි ප්ලාස්ටික් බඳුන් නොදැමිය යුතුය. එයට හේතුව වනුයේ, ඉහළ සේදුම් ද්‍රව්‍ය (detergent) සාන්ද්‍රණය, ඉහළ උෂ්ණත්වය ප්ලාස්ටික් බඳුන් වලින් BPA රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීමට හේතු විය හැකි බැවිනි.
මීට අමතරව, මෙම ප්ලාස්ටික් කෝඩ් අංකය, එම අදාළ ප්ලාස්ටික් ඇසුරුම හෝ බඳුනට දැමීමට සුදුසු ආහාර කවරේද යන්න ද පෙන්වා දේ.
Code 1 - බීම වර්ග, බෝතල් කළ පානීය ජලය, අච්චාරු වර්ග
මෙවැනි ප්ලාස්ටික් තුළ ගබඩා කරන ලද ආහාරයේ සුවඳ බඳුන පිරිසිදු කළද එය තුළ රැඳී තිබෙනු ඇත.
Code 2 - කිරි බෝතල්
මෙම ප්ලාස්ටික් වර්ගයෙන් තනන ලද කිරි බෝතල් එක් වරක් භාවිතයෙන් පසු භාවිතා කිරීම අනුමත කරන්නේ නැත. එමෙන්ම ජලය පානය කිරීමට මෙම ප්ලාස්ටික් වර්ගයේ බෝතල් භාවිතා වුවහොත් ඒවා භාවිතයට සුදුසු වන්නේ එක් වරක් පමණි.
Code 3 - අධිශීතනය කළ ආහාර, පැණි සහ අබ ක්‍රීම් සඳහා ඇති බෝතල්
මෙම ප්ලාස්ටික් දිගු කාලීන භාවිතය සඳහා සුදුසු ලෙස සැලකේ.
Code 4 - යෝගට්, මාගරින්, ශීතකරණය තුළ ඇති ආහාර ගබඩා කරන බඳුන්
Code 5 - බිත්තර රැඳවුම්, මස් දමන බඳුන්
Code 6 - නැවත භාවිතා කළ හැකි වතුර බෝතල්, සමහර සිට්‍රස් වර්ගයේ බීම වර්ග සදහා වන බෝතල්, සෝස් බෝතල්
ප්ලාස්ටික්, ආහාර සැකසීමේ හා ගබඩා කිරීමේ බඳුන් සදහා පාරිභෝගිකයා විසින් වර්ථමානයේ බහුල ලෙස භාවිතා කරයි. එබැවින්, නිසි පරිදි ආහාර සඳහා වෙන් වූ ප්ලාස්ටික් බඳුන් තෝරාගැනීම හා අනුමත කර ඇති ලෙසට එම බඳුන් භාවිතා කිරීම මඟින් ප්ලාස්ටික් හරහා ඇති විය හැකි සෞඛ්‍යය ආශ්‍රිත ගැටළු වලින් වැළකී සිටිය හැකි වනු ඇත.
425 Views
Comments