සිරුරට ගුණ දෙන පැණි කොමඩු ගැන දැනගනිමු

අව්වේ සැර වැඩියෙන්ම දැනෙන කාලයක් තමයි මේ. එළිමහනේ වැඩ කටයුතු කරන අයට වගේම මේ දිනවල පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වෙන නිසා අපේ දුවා දරුවන්ටත් අව්වේ බලපෑම් තදින්ම දැනෙනවා. ඉතින් මේ දවස්වල ඔබත් වැඩිපුර අව්වේ ඉන්න කෙනෙක් නම් සාමාන්‍ය අය ගන්න ආහාර පාන ගන්න කලින් දෙපාරක් හිතන්න ඕන. අධික සැර ආහාර, උෂ්ණ අධික ආහාර වගේම ඉඟුරු ආදිය යෙදූ ආහාරපාන කෑම හොඳ නෑ.
ඒ වගේම තමයි අව්වේ ඉදලා ගිහින් උණුසුම් පාන වර්ග බොන්න හොඳත් නැහැ. වතුර වැඩිපුර බොන්න ඕන. ඒ වගේම වතුර බහුල ආහාර වර්ග වැඩිපුර ගන්න ඕන. විශේෂයෙන් පැණි කොමඩු, පිපිඤ්ඤා, ගස්ලබු ඉතාමත් හොඳයි. මේ අතරින් පැණි කොමඩු කියන්නේ හුඟක්ම ගුණදායක පළතුරක්. පැණි කොමඩු ඇටත් එක්ක බ්ලෙන්ඩර් කරලා ඇට පෙරන්නේ නැතුව බොන්න ඕන.
පැණි කොමඩු මේ විදියට බිව්වම රතු රුධිරාණු හොඳින් වර්ධනය වෙනවා. විනාඩි 45 ක් වගේ කෙටි කාලයකදී පැණි කොමඩු වල තියෙන ගුණය සිරුරට උරා ගන්නවා. ඩෙංගු රෝගීන්ටත් මේ විදියට පැණි කොමඩු බොනවා නම් දින දෙක තුනකදී රතු රුධිරාණු හොඳින් වර්ධනය වෙන්න ගන්නවා.
පැණි කොමඩු වලට සෙම හටගන්නේ නැහැ. නමුත් සෙම කියනවනම් ඇවිස්සෙන්න පුළුවන්. ඒ නිසා සෙම රෝගීන් ඒ ගැන සැලකිලිමත් වෙන්නත් ඕන. රක්ත ඌනතාව මඟහරවා ගන්නත් සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නත් මේ පැණි කොමඩු වලට පුළුවන්.
528 Views
Comments