හැම්ස්ටර් සුරතලුන් සැමරීමේ දිනය අදයි

ලොව පුරා විවිධ හැම්ස්ටර් විශේෂ 24 ක් ඇති අතර ඔවුන් විවිධ ප්‍රමාණ වලින් හමුවේ. සෙන්ටිමීටර 34 ක් දිග හැම්ස්ටර්ලා සිටින බව ඔබ විශ්වාස කරනවාද? ලොව විශාලම විශේෂය වන යුරෝපීය හැම්ස්ටර්ල සෙන්ටිමීටර 34 ක් දක්වා වර්ධනය වේ. කෙසේ වෙතත්, පොදුවේ ගත් කළ ඔවුන් ඉතා කුඩා සහ ගොරෝසු සහ හුරතල්, දිගු කෙස් සහිත 'ටෙඩි බෙයාර්' ලා ලෙසද හැඳින්වේ.
"හැම්ස්ටර්" යනු ජර්මානු වචනයකි. හැම්ස්ටර්ලා ඔවුන්ගේ කම්මුල් වල ඇති මලු ආහාර ගබඩා කිරීම සහ රැගෙන යාම සඳහා භාවිතා කරනු ලබන අතර, පසුව එම ආහාර ඔවුන්ගේ ගුල්වල සඟවයි.
ඔවුන් ක්‍රෙපුස්කියුලර් (එනම් අලුයම සහ සවස් වන විට වඩාත් ක්‍රියාශීලී වන) සහ විශාල හුදකලා ජීවීන් වුවද, ඔවුන් බහුල අභිජනනය කරන්නන් වේ. හැම්ස්ටර් ලා ඉතා කුතුහලයෙන් යුත් සතුන් වන අතර සුරතල් හැම්ස්ටර්ලා හට සාදන ඕනෑම කූඩුවක් ශක්තිමත් සහ ගැලවී යාමෙන් ආරක්ෂා විය යුතු සේ සෑදිය යුතුයි.
හැම්ස්ටර් සතුන් අවම වශයෙන් වසර මිලියන 15 ක් පමණ සිට පැවතෙන්නන් බව පැවසෙන අතර, ඔවුන් 20 වන සියවස වන තෙක් ගෘහාශ්‍රිත සතුන් ලෙස ඇතිකර නොතිබුණි. මෙම උද්වේගකර වර්ධනය ආරම්භ වූයේ 1930 අප්‍රේල් 12 වන දින සත්ව විද්‍යාඥ ඊශ්‍රායල් අහරෝනි විසින් සිරියානු හැම්ස්ටර්ලා සෙවීමට ගවේෂණ චාරිකාවක නිරත වීමත් සමගය. අල්ලා ගන්නා ලද පළමු සත්වයන් 13 දෙනා ප්‍රථම ගෘහාශ්‍රිත හැම්ස්ටර්ලා නිෂ්පාදනය කිරීම සඳහා අභිජනනය කරන ලදී. ඔවුන් ගෝල්ඩන් හැම්ස්ටර් ලෙසද හැඳින්වේ.
චීනය, බෙල්ජියම සහ ග්‍රීසිය වැනි විවිධ යුරෝපීය සහ ආසියානු රටවල වනගතව සිටියද සුරතල් හැම්ස්ටර් ඉක්මනින් එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය වැනි ස්ථානවලට ව්‍යාප්ත විය. කණගාටුදායක ලෙස, සිරියානු හැම්ස්ටර්ගේ වනාන්තරගත ප්‍රභේදය දැන් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂයක් ලෙස සැලකේ.
මේ දිනවල වඩාත් ජනප්‍රිය ගෘහ හැම්ස්ටර් වර්ගය වන්නේ සිරියානු ප්‍රභේදය වන අතර වාමන හැම්ස්ටර් ද බහුලව දක්නට ලැබේ. ඔවුන් සෙසු මීයන් මෙන්, පෙනහළු පිළිකා, පිත්තාශයේ ගල් සහ පෙනහළු ෆයිබ්‍රෝසිස් වැනි විවිධ රෝග සහ වෛද්‍ය තත්වයන් අධ්‍යයනය කිරීමේදී පරීක්ෂණ විෂයයන් ලෙස රසායනාගාරවල බහුලව භාවිතා වේ.
496 Views
Comments