බඩගින්නට මැටි කේක් කන හයිටියේ වැසියෝ

ජීවිතේ කිසිදා 'කේක්' හැබැහින් දැක නැති ඔවුන්ගේ ප්රධාන ආහාරය, තනිකරම මැටියෙන් ඇනූ රොටියකි. එයට ඔවුන් කියන්නේ ‘මඩ් කේක්‘ කියා ය.
කැරීබියන් ඉර හයිටියට උඩින් දැඩි උණුසුමක් හයිටි පොළොව මත පතිත කරන්නේ අන්ත අසරණ කුසගින්නේ වියපත් වූ සිරුරු වලට තවත් වේදනාව එක් කරමිනි. ඒ හිරු රශ්මියෙන් විශාල ප්රදේශයක් පුරා වියලෙමින් තිබෙන Mud cakes නොහොත් මැටි රොටී ය . ඒවා සැබවින්ම අපි ආහාර පිසින්නට ගන්නා හෝ ගෘහ අලංකරණයට ගන්නා මැටි බඳුන් හැඩයක් ගත්තද ඒවා සැබවින්ම ඒ සඳහා නම් නොවේ. ලොව අන්ත දිළිඳුබවින් පෙලෙන රටක දුප්පත් මිනිසුන්ගේ කුසගිනි නිවනා පොදු මෙන්ම ජනප්රිය ආහාරයයි.
මැටි රොටී, මැටි කේක් ලෙස හඳුන්න හයිටි ජනයාගේ මෙම ආහාරයේ සම්පූර්ණයෙන්ම සමන්විත වී ඇත්තේ මැටිය. කණ්ඩායම් වශයෙන් එක්වුණ කාන්තාවන් සැතපුම් ගණන් කඳු තරණය කර එක්රැස් කරගෙන එන මැටි වලට ලුණු හා ජලය එක්කරයි. ඉන්පසු රොටී මෙන් ඒවා වඩා ඉර අවුවේ වියළයි. හයිටියේ බෙහෝමයක් දෙනාගේ උදේ ආහාරයද දහවල් මෙන්ම රාත්රී ආහාරයද මේ මැටි රොටී නැත්නම් මැටි කේක්ය.
ගොරෝසු මෙන්ම ඉක්මනින් බිඳෙන සුළු මෙම මැටි රොටී බැලූ බැල්මට කිසිවකුගේ ආහාර රුචිය වඩවන්නේ නම් නැත. මින් පෙර මේ මැටි කේක් පරිභොජනයට ගත්තේ ගර්භණී කාන්තාවන් විසින් සිය ගර්භණී අවධියේදී ඖෂධයක් ලෙසයි. නමුත් මීට වසර ගණනාවක් තිස්සේ ගර්භණී කාන්තාවන් පමණක් නොව බොහෝ හයිටි පවුල් වල සාමාජිකයින් මැටි කේක් පරිභෝජනය කරමින් සිටී. එය දැන් හයිටි ජනයාගේ ප්රධාන ආහාරයකි.
හයිටියේ ආහාර සහ ඉන්ධන අර්බුදය ලෝකයේ අන් සියළු රටවල් අභිබවමින් සිටී. වැඩිවන ජනගහණය මෙන්ම වැඩිවන දුප්පත්කම මේ ආහාර හිඟයට මූලිකම හේතුවයි. ඔවුන් කුසගින්න හඳුන්වන්නේ ක්ලොරෙක්ස් ගිලදැමීම "swallowing Clorox" ලෙසයි. Clorox යනු ඉතා සැර bleach වර්ගයකි. එතරම් සැර Clorox ගිල දැමීමේදී ඇතිවන වේදනාවෙහිද කුස ගින්න නිසා ඔවුන්ට දැනෙන වේදනාවේද වැඩි වෙනසක් නැත.
ඒ වේදනාවෙන් ඔවුන් මුදවාලන්නේ මේ මැටි කේක්ය. ඔවුන්ගෙන් සමහරෙක් ජීවිතේ කවදාවත්ම ඇත්තටම කේක් යනු මොනවාදැයි දැක නැති බව අනිවාර්ය දෙයකි.
වයසට වඩා උසින් අඩු කුඩා දරුවන්ගේ කුස පමණට වඩා ඉදිමී ඔවුන් විකෘති සිරුරු හිමිකර දී ඇත්තේ මේ දරා ගත නොහැකි කුසගින්න හා මැටි කේක් වැනි සෞඛය සම්පන්න නොවන ආහාර නිසාවෙනි.
එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂි සංවිධානයට අනුව හයිටිය විසින් සිය පරිභෝජනයට ගනු ලබන ආහාරවල අපනයන වියදම 80% කින් වැඩි වී ඇත. ආහාර නිසා ඇතිවූ අරගල හේතුවෙන් එරට අගමැතිවරයා මෙන්ම තවත් බලධාරීන්ගේ ජීවිත පවා 2008 වසරේදී නැති විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ හියිටියේ තුනෙන් දෙකක එනම් මිලියන දෙක හමාරක ජනතාව මෙම ආහාර අර්බුදය හේතුවෙන් පීඩා විඳින බවයි.
474 Views
Comments