ඔබේ දරුවාටත් සවිබල දෙන ආමන්ඩ් වල ගුණ ගැන දන්නවද?

ආමන්ඩ් යනු ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ වලින් ඉහළ මට්ටමක පවතින ආහාරයකි. දරුවන්ගේ වර්ධනය සඳහා ආමන්ඩ් විශ්මිත සෞඛ්‍ය සම්පන්න ආහාරයකි. මෙයින්,
01. ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩි දියුණු කරයි :
ආමන්ඩ් වල අඩංගු ක්ෂාර ලෝහ (alkali metals) ඔවුන්ගේ ප්‍රතිශක්තිය මනාව වර්ධනය කරයි. ආමන්ඩ් වල ඇති ප්‍රති ඔක්සිකාරක බලය නිසා රෝග අවධානම නැති කරයි. විටමින් E වලින් පොහොසත් බැවින් ඒවා ආහාරයට ගැනීමෙන් කිරීටක හෘද රෝග ඇතිවීමේ අවදානමද වළක්වා ගත හැකිය.
02. අස්ථි ශක්තිමත් කරයි :
ආමන්ඩ් වල පොස්පරස් ඉහළ අන්තර්ගතයක් ඇත. ඔබේ දරුවාගේ ආහාර වේලට ඒවා ඇතුළත් කිරීමෙන් ඔහුට ශක්තිමත් දත් සහ අස්ථි ඇති බව සහතික කරයි. ඊට අමතරව ඔබේ දරුවා දත් දිරායාමේ හා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයෙන් පසුකාලීනව ආරක්ෂා වනු ඇත.
03. මොළය නිරෝගීව වර්ධනය කරයි:
ආමන්ඩ් වල අඩංගු L-Carnitine සහ riboflavin මොළයේ වර්ධනය සහතික කරයි. මෙම පෝෂ්‍ය පදාර්ථවලට ඇල්සයිමර් රෝගය වැළැක්විය හැකිය. මතක ශක්තිය සහ ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීමට ද ආමන්ඩ් වලට පුළුවන්. ඔබේ දරුවාගේ ආහාර වේලට ආමන්ඩ් ඇතුළත් කරන්න - ඔහු දක්ෂ හා ක්‍රියාශීලී වනු ඇත.
04. ශරීරයේ ශක්තිමට්ටම ඉහලනංවා ක්‍රියාශීලී කරයි:
ආමන්ඩ් වල තඹ, රයිබොෆ්ලැවින් සහ මැංගනීස් ඉහළ අන්තර්ගතයක් ඇත. එමගින් ශරීරයට ශක්තිය සැපයීම සහ දරුවා නොසන්සුන් නම් එයද නැති කිරීමට උපකාරී වේ.
05. පිළිකා වැළැක්වීමට උදව් වේ:
ආමන්ඩ් තන්තු වලින් පොහොසත් බැවින්, ඒවා පරිභෝජනය කිරීම බඩවැල් හරහා ආහාර ගමන් කිරීම වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මෙමගින් මහා බඩවැලේ පිළිකා ඇතිවීමේ සම්භාවිතාව අඩු කළ හැකිය.
06. සමේ ගැටළු සුව කළ හැක:
ඔබේ දරුවාට වියළි සම වැනි සමේ ගැටළු තිබේ නම්, ඔහුට ආමන්ඩ් ලබා දීම ගැන සලකා බලන්න. බොහෝ වෛද්‍යවරුන් ළදරුවන් සඳහා ආමන්ඩ් නිර්දේශ කරන්නේ එය අස්ථි වර්ධනයට සහ සම නිරෝගී කිරීමට උපකාරී වන බැවිනි.
07. මලබද්ධයට ප්‍රතිකාර කරයි:
ආමන්ඩ් වල ඇති අධික තන්තු අන්තර්ගතය නිසා මලබද්ධයට සහනයක් ලබා ගත හැක.
08. දරුවාගේ ඇගෙහි රුධිර පීඩනය නිසිලෙස පවත්වා ගනි.
ආමන්ඩ් වල පොටෑසියම් සහ සෝඩියම් අන්තර්ගතය තරමක් ඉහළ මට්ටමක පවතින අතර එමඟින් රුධිර පීඩන උච්චාවචනයන් වළක්වා ගත හැකිය.
*අවුරුදු 1 සිට හතර දක්වා දරුවන්ට දිනකට වැඩිම ඇට 6-9 ප්‍රමානවත්. වයස අවුරුදු හතරට වැඩිනම්, 20ක් දක්වා ප්‍රමාණවත්.
1kg 4950 500g -2750
1163 Views
Comments