"ලස්සන වෙන්න - බියර් බොන්න" බියර් වලින් ඔබේ සෞඛ්‍යයට ලැබෙන දේවල් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
APR
05

"ලස්සන වෙන්න - බියර් බොන්න" බියර් වලින් ඔබේ සෞඛ්‍යයට ලැබෙන දේවල් මෙන්න

"ලස්සන වෙන්න - බියර් බොන්න" බියර් වලින් ඔබේ සෞඛ්‍යයට ලැබෙන දේවල් මෙන්න

01. හිසකෙස් පෝෂණය කරමින් හිසකෙස් වර්ධනය වේගවත් කරවයි

බියර් වල විටමින් B සහ සිලිකන් අන්තර්ගත වේ. මේ දෙකම හිසකෙස් වර්ධනයටත් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමටත් ඉතාම වැදගත්. කොණ්ඩෙට බියර් වීදුරු බාගයක් වගේ හලලා හොඳින් හිස්කබල සම්බාහනය කරන්න. විනාඩි 5 කට විතර පස්සේ සීතල වතුරෙන් හෝදලා යවන්න. ඔබේ හිසකෙස් මීට කලින් කවදාවත් නැති විදිහට බැබළෙන්න පටන් ගනීවි.

 

2. එයින් ඔබේ සම සුසිනිදු සහ සවිමත් වෙනවා

සම වයසට යාම පාලනය කරන ප්‍රති ප්‍රතිඔක්සිකාරක විශාල ප්‍රමාණයක් බියර් වල තියෙනවා. ඇල්කොහොල් අඩංගු බීම වල තියන තවත් සුවිශේෂී ගුණයක් තමයි එය සමෙහි ස්වයං සුව වීමේ ගුණය වැඩි කරනවා. මේවා මගින් සම සවිමත් වෙන නිසා කුඩා කුඩා රැලි වැටීම් වලට හොඳ උත්තරයක්.

 

මේ facial mask එක පාවිච්චි කරලා බලන්න.

බියර් තේ හැන්දක්, බිත්තර සුදු මදයක්, ආමන්ඩ් ඔයිල් බින්දු තුනක් පමණ එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්න. පිරිසිදු කර ගත්තු මූණේ මෙය ආලේප කරලා විනාඩි දහයක් පමණ තියෙන්න දෙන්න. ඉන්පසු සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

 

3. ඔබට සුවපත් නින්දක් ලබා දෙනවා

බියර් සෑදීමේදී මූලික සංඝටකයක් ලෙස හොප් නැමැති ශාකයේ මල භාවිතා කරනවා. මෙය ස්වාභාවික වේදනා නාශකයක් ලෙස මෙන්ම නින්ද නොයෑමේ රෝගයට සහ කාංසාවට බෙහෙතක් වශයෙන් භාවිතා කරනවා.

 

ඔයාට මේක කරල බලන්න පුළුවන් :

ඔබේ කොට්ටය පිරිසිදු කරන කොට ජලය සහ බියර් සමාන පරිමාණ වලින් භාවිතා කරන්න බියර් වල සුවඳ කොට්ටයේ රෙදි සහ පුළුල් වලට හොඳින් අවශෝෂණය වීම ඔබට ඉක්මනින් නින්දට වැටීමට උදව්වක් වේවි.

 

4. වෙහෙස කර දෙපා සුවපත් කරනවා

වෙහෙසකර දවසක් අවසානයේ කුඩා බෝල් එකක බියර් පුරවලා ඔබේ දෙපා එහි විනාඩි කිහිපයක් ගිල්වා ගෙන සිටින්න. බියර් වල බුබුළු නගින ස්වභාවය නිසා ඔබේ වෙහෙසකර දෙපාවලට සහනයක් ලැබේවි.

 

5. මැරුණු සෛල ඉවත් කරනවා

බියර් සම මතුපිට එකතු වී ඇති මැරුණු සෛල ඉවත් කිරීම මගින් ඔබේ සමට පැහැපත් බවක් මෙන්ම දිදුලන බවක් ලබාදෙනවා. ස්ට්‍රෝබෙරි ගෙඩි කිහිපයක් සහ බියර් මේස හැඳි දෙකක් පමණ ගන්න. මළ සෛල සහ අපද්‍රව්‍ය ඉවත් වී නව සෛල පුනර්ජනනය හා උත්තේජනය කිරීමට මෙම ආලේපනයට හැකියාව තියෙනවා.

views

565 Views

Comments

arrow-up