ඔබේ සුරතලා කාංසාවෙන්ද?
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
31

ඔබේ සුරතලා කාංසාවෙන්ද?

ඔබේ සුරතලා කාංසාවෙන්ද?

දුක සතුට බය වේදනාව දැනෙන්නේ මිනිසුන්ට පමණක් නොවෙයි. අපි සුරතලයට ඇති දැඩි කරන සතුන්ටත් ඒවා පොදු වූ හැඟීම්. මිනිසුන්ට වගේම සුනඛයන් කාංසාවෙන් පෙළෙන බවට පරීක්ෂණවලින් අනාවරණය කරගෙන තියෙනවා. ඉඳහිට කාංසාව ඇති වීම සුනඛයකු තුළ දක්නට ලැබෙන ස්වභාවික ලක්ෂණයක් නමුත් සුනඛයන් ඕනෑවට වඩා කනස්සල්ලෙන් බියෙන් සිටින්නේ නම් එය තරමක ගැටලු සහගත කාරණයක්. සුනඛයන් වෙතින් දක්නට ලැබෙන කාංසාව ඇති වන හේතූන් මත ඒවා වර්ග කර තිබෙනවා.

බිය පදනම් කරගත් කර ගත් කාංසාව

ඔබේ සුරතලා අපේක්ෂා නොකළ අවස්ථාවකට මුහුණදීමේදී එකවර බියට පත්වීම සාමාන්‍ය කාරණයක් වුණත් දීර්ඝ කාලීනව යම් යම් හේතූන් වලට එම සතා බියෙන් සිටීම නිසා මේ තත්ත්වය ඇති වෙනවා. යම් අවස්ථාවන් වලදී සුනඛයන්ට වායුගෝලීය පීඩනය වෙනස් වීම් දැනිය හැකි අතර එහි දී ඔවුන් අනිසි ලෙස බිය වෙනවා. මේ වගේ අවස්ථාවන් වලදී සුනඛයන් අනපේක්ෂිත ලෙස මුත්‍රා කිරීම මලපහ කිරීම ප්‍රසන්න ආකාරයකට ප්‍රතිචාර දැක්වීම දක්නට ලැබෙනවා. සමහර සුනඛයන් මෙම කාංසා තත්වය නිසා ජීවිත අවදානමකට ලක්වේ යැයි බියෙන් දැඩි ආක්‍රමණශීලී ස්වරූපයක් ගන්නවා.

වෙන්වීමේ කාංසාව

සුනඛයන් අතර වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ මෙම කාංසාව බව අනාවරණයවී තිබෙනවා. සුනඛයන්ගෙන් සියයට දාහතරකට පමණයි වෙන්වීමේ කාංසාව බලපාන බව සොයාගෙන තිබෙනවා. වෙන්වීමේ කාංසාව අත්විදින සුනඛයෙකු මං මුලා වූ සතෙක් වගෙයි. ඔවුන් ගේ ස්වාමියා අහිමි වීමෙන් සතුන් මේ තත්ත්වයෙන් පෙළෙනවා. මෙවැනි අවස්ථාවන් වලදී ගෙදරදොරෙ බඩු විනාශ කිරීම පැය ගණන් එක දිගට කෑ ගැසීම තැන තැන මළ මුත්‍රා කිරීම සිදු කරන්නේ සුනඛයාගේ සියලු හැඟීම් පාලනයෙන් තොර වීම නිසයි.

වයස සම්බන්ධ කාංසාව

වයස්ගත වීමත් සමඟ ඔවුන්ගේ සංජානන දුර්වලතා ඇති වන නිසා මිනිසුන් මෙන් මතකය දැනුවත්භාවය අඩුවීමක් සිදුවෙනවා. එවිට වැඩිහිටි සුනඛයන්ට මෙවැනි කාංසා තත්ත්වයන් ඇතිවිය හැකියි.

මෙවැනි කාංසා තත්ත්වයට පත්වූ සුනඛයකු සුවකර ගැනීමේ වගකීම එම සුනඛයාගේ හිමිකරු වෙත පැවරෙනවා. ඇතැම් රටවල සුරතල් සුනඛයන්ගේ මෙම සෞඛ්‍ය ගැටලු වෙනුවෙන් කටු චිකිත්සාව වැනි උපක්‍රම භාවිතා කරනවා. නමුත් ලංකාවේ නම් එවැනි ක්‍රම භාවිතයේ ප්‍රචලිත බවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඔබේ සුනඛයාගෙත් මෙවැනි අසාමාන්‍ය හැසිරීම් තිබෙනවා නම් පශු වෛද්‍යවරයෙකු වෙත පෙන්වා කිසිදු කායික දුර්වලතාවයක් නොමැති නම් සුරතලා වෙත දැඩි අවධානය යොමු කරමින් ඔහුගේ කාංසාව දුරලන්න කටයුතු කරන්න.

 

 

by Dilki Shamani 

Photo Source: Internet

views

537 Views

Comments

arrow-up